පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද (01) අලුයම 12.15 ට පමණ දිවයිනට පැමිණ තිබෙනවා.
රටින් පිටුවහල් කර සිටි කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් වන දඩ මුදල ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවා දැමූ බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ප‍්‍රකාශ කළේ.
මීට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ වීසා කල් ඉකුත්වීමෙන් අනතුරුව ද මෙරට රැදී සිටීම හේතුවෙන් කුමාර් ගුණරත්නම්ට දඩ නියම කෙරුණා. එහිදී ඔහු පෙනී සිටියේ නොයෙල් මුදලිගේ යන නමින් ඕස්ටේ‍්‍රලියානු රජය නිකුත් කළ ගමන් බලපත‍්‍රයකින්.