Friday, January 2, 2015

වෛද්‍යවරියක් ඇතුළු එකම පවුලේ 4ක් ඝාතනය කර වළලලා - වීඩියෝ සහිතයි


වෙන්නප්පුව - ලූණුවිල ප‍්‍රාදේශීය රෝහලේ දන්ත වෛද්‍යවරියක ඇතුලූ ඇයගේ ස්වාමි පුරුෂයා සහ දරුවන් දෙදෙනා ඝාතනය කර වළක දමා තිබියදී සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (01) දහවල් වෙන්නප්පුව - නයිනමඩම ප‍්‍රදේශයේ ඝාතනය කර වළදමා තිබියදී සොයාගත් වෛද්‍යවරියගේ වයස අවුරුදු 49 ක් සහ ස්වාමි පුරුෂයාගේ වයස අවුරුදු 52 ක් බවයි.  මියගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 15 ක් වන අතර ගැහැණු දරුවාගේ වයස අවුරුදු 13 ක්.



ලූණුවිල රෝහලේ වෛද්‍යවරුන් විසින් ඝාතනයට ලක්වූ දන්ත වෛද්‍යවරිය දින දෙකක සිට සේවයට නොපැමිණ ඇති බවත් ඇයගේ දුරකථනවලට ප‍්‍රතිචාර නොදක්වන බවත් වෙන්නප්පුව පොලීසියට අද පැමිණිල්ලක් කළා. ඒ අනුව පොලීසිය අදාළ වෛද්‍යවරිය පදිංචිව සිටින නිවස පරීක්ෂා කළ අතර ඒ ආසන්නයේ පිහිටි කොහු කර්මාන්තශාලාව සඳහා පොල් ලෙලි දමන වලක් පරීක්ෂා කිරීමේදියි මෙම මළ සිරුරු හමුවී ඇත්තේ.

ඝාතනයට ලක්ව ඇති වෛද්‍යවරියගේ ස්වාමිපුරුෂයා කොහුමෝල් ව්‍යාපාරිකයෙකු වනවා. මෙම මළ සිරුරුවල කැපුම් තුවාල දක්නට ලැබෙන බවයි එම ස්ථානයේ සිටින හිරු ප‍්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.  කෙසේ වෙතත් මෙම මළ සිරුරු පරීක්ෂා කිරීම සඳහා එම ස්ථානයට මහේස්ත‍්‍රාත්වරයා පැමිණ තිබෙනවා.