Juacelo Nunes නැමැති පුද්ගලයා හට ගම්මානයක තිබූ සාදයකදී හිසට ආයුධයකින් පහර දී ඇත. ඔහුට මෙසේ පහර දී ඇත්තේ මිනිසුන් 4 දෙනෙක් වන අතර පසුගිය ඉරිදා උදෑසන ඔහු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.
30 cm පමණ දිගැති පිහියත් සමගින් ඔහු සැතපුම් 60ක් පමණ දුර ඇති රෝහල වෙත තම වාහනය ධාවනය කරගෙන ගොස් ඇත්තේ සියලුදෙනාම මවිත කරමින්ය.
මෙලෙස දරුණු පිහි ඇණුමකට ලක්ව ජීවත්වීම වාසනාවක් බවට එම රෝහලේ වෛද්‍යවරුන් පවසන අතරම වම් ඇස අසලින් ඇතුල් වූ පිහිය මුඛය හරහා ගොස් ඔහුගේ දකුණු හකු ප්‍රදේශයෙන් නතරවී ඇත.
මේ වන විට ඔහු සුව අතට හැරෙමින් රෝහලේ ප්‍රතිකාර බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

