ඉන්දීය
මාධ්‍ය පෙන්වා දෙන පරිදි බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පී සල්මන් ඛාන්
අනාගතයේ ප්‍රබල දේශපාලනඥයෙකු වනු ඇතිය. එකී මාධ්‍ය මීට පදනම් කර ගත්තේ
ඉකුත් ඉන්දීය මැතිවරණයේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයෙකු වූ
නරේන්ද්‍ර මෝදි වෙත සහය පළ කරමින් ප්‍රසිද්ධ වේදිකාවල සල්මන් ඛාන් දැක්වූ
කතිකත්වය ය. ඒ සඳහා ඔහුට කලබලකාරීත්වයෙන් තොර ප්‍රබල දේශපාලනික ආවේශයක් ලබා
ගත හැකිය. ඉන්දියාවේ පැවැති අගමැති තෝරා ගන්නා මැතිවරණයේදී සල්මන් මේ බව
මනාවට පෙන්වා දී තිබුණි.
විශේෂයෙන්
සිය සමාජ ජාල වෙබ් අඩවි හරහා සල්මන් ඛාන් විසින් සිදු කර තිබූ මැතිවරණ
ප්‍රචාරක ව්‍යාපාරය වඩාත් ආකර්ෂණය වී තිබුණු බව විචාරකයින් පෙන්වා දුන්නේය.
දැන් අසන්නට ලැබෙන අලුත්ම කාරණාව නම් 2015 මෙරට ජනාධිපතිවරණය සඳහාද ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් එක් වන්නට යන බවය.
ඒ අනුව වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ‘සල්මන් ඛාන්’ ටත් ආරාධනා කරන්නට ඇත්තේය.
වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි මැතිවරන ව්‍යාපාරය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවට සැක නැතිය.
සල්මන්
ඛාන් වෙත මෙලෙස මැතිවරණ ව්‍යාපාරයට එක්වන්නට ආරාධනා කර ඇති අතර එම ආරාධනාව
ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා බවත් වාර්තා
වෙන්නේය.
සල්මන් ඛාන් ඉන්දීය මැතිවරණයේදී දැක්වූ අදහස් සහිත වීඩියෝවක් පහතින් නරඹන්න...