Thursday, December 18, 2014

සිංහල රිදී තිරයට ඉන්දීය නළු නිළියන් (Photos)

බොලිවුඩය සිය සිනමා ජීවිතය කර ගත් ඉන්දීය රංගන ශිල්පීන් තමන්ගේ මීළග පියවරලෙස සිතන්නේ හොලිවුඩයයි. ශ්‍රී ලංකාව වැනි කුඩා ප්‍රමාණයේ සිනමාකර්මාන්තයක් ඇති රටවල් සම්බන්ධයෙන් ඔවුන් උනන්දුවක් නොදක්වන බව ප්‍රකටකරුණකි.
එහෙත් පසුගිය කාලයේදී චන්න පෙරේරා වැනි අධ්‍යක්ෂවරුන් ඉන්දීය ශිල්පිනියන්තම නිර්මාණ සඳහා සහභාගී කර ගත් අතර ඒ එක් නිර්මාණයකට එක් අයෙකු ලෙසය.
ඉන්දීය රංගන ශිල්පීන් රැසකගේ දායකත්වය හිමි වන පළමු ලාංකීය සිනමානිර්මාණයේ රූගත කිරීම් එළඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමටනියමිතව තිබේ.
ඒ සඳහා ශිල්පීන් සහ ශිල්පිනියන් 06 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

මේ සිනමා පටයේ අධ්‍යක්ෂවරයා වන්නේ එදා ස්වාධීන රූපවාහිනියේ ලහිරු මඩලවැඩසටහනින් අප හඳුනාගත් පසු කළෙක දැවැන්ත නිර්මාණකරුවෙකු බවට පත් වූබුද්ධික වික්‍රමාදරය. චාමර ජනරාජ්ගේ තිර පිටපතකින් මෙම නිර්මාණය සැකසේ.ක්‍රිෂාන්ත හිස්වැල්ල මහතා විසින් මෙහි නිෂ්පාදන දායකත්වය ලබා දෙන අතරනිෂ්පාදන අධීක්ෂණ කටයුතු සඳහා සුසන්ත විජේගුණවර්ධන මහතා විසින් දායකත්වය සපයා ඇත.
එළඹෙන ජනවාරි 18 සහ 22 දක්වා ලංකාවේ විවිධ ස්ථානවල දී මෙම සිනමා පටය රූගතකෙරෙන අතර එම කාල සීමාව තුළ ඉන්දීය නළු නිළියන් පිරිස මෙරට රැදී සිටීමටනියමිතය.