Sunday, December 7, 2014

තාත්තා 'රාජිත' යහපාලනය පතයි - පුතා 'එක්සත්' ළමා අපචාර කරයි (PHOTOS)

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ එක්සත් සේනාරත්න නම් පුතා සම්බන්ධයෙන් ළමාඅපචාර පිළිබඳ පැමිණිල්ලක් කිරුළපන පොලිසිය වෙත ලැබී ඇති බව අනාවරණය වී තිබේ.

මෙමපැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ කොළඹ 5,ලයනල් එදිරිසිංහ මාවත,පොල්හේන්ගොඩ යනලිපිනයේ පදිංචි දමනි ඉන්දිරා රොඩ්රිගෝ යන 44 හැවිරිදි මවක විසින් බවද හෙළි වී ඇත.


ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ දිනිති ආලෝකා රණසිංහ නමැති 16 හැවිරිදි සිය දියණිය රැගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බව පසුගියඔක්තෝම්බර් මස 17 වන දින මෙහි පළමු පැමණිල්ල ලැබී ඇත.
තොරතුරු වාර්තා වෙන අන්දමට ඇය කාන්තා පොලිස් කොස්තාපල්වරියක්  ඉදිරියේලබා දුන් කටඋත්තරයේ ඉහත සිදු වීම සඳහන් වී ඇත.

පාසල් ගිය අවස්ථාවේදී ඇයව එක්සත් සේනාරත්න සහඔෂල හේරත් යන අය විසින් පැහැරගෙන ගොස් ඇති බවයි ඉන් වැඩි දුරටත් කියවී ඇත්තේ.


ඇයව යළිත් රැගෙන ඒමට ගිය අවස්ථාවේ එක්සත්ගේ සොයුරු චතුර සේනාරත්න විසින් "ගෝඨාභය සර්ට කියලා මරනවා"යැයි තර්ජනය කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.

තමදියණියව රුපියල් ලක්ෂ 200 කට විකුණා ඇති බවද කියමින් එක්සත් සේනාරත්න මහතා තමන්ට තර්ජනය කර ඇති බවද දමනි ඉන්දිරා රොඩ්රිගෝ කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත.



තවත් පිටපත් පහතින් දැක්වේ...