ආණ්ඩු පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් පසුගියදා හදිසියේම කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට කඩා වැදුනාය. ඒ අදාළ මන්ත්‍රීවරයා සමග සමීප හිතවත්කමක් පවත්වාගෙන යන පාසල් ගුරුවරියකගෙන් ඒ සම්බන්ධතාවය ගැන විමසීමටය. මේ කතාබහ එතරම් සුහද කතාබහක් නොවූ අතර අවසානයේදී දෙදෙනා කෙහෙවලු පටලාගෙන ගුටි බැට පවා හුවමාරු කරගත්හ.
“මන්ත්‍රීවරයා විදියට ගන්න වාහන, සේරම පහසුකම් මෙයා තමයි භුක්ති විඳින්නේ” යැයි කියමින් මන්ත්‍රී බිරිය පාසලේ යකා නටා තිබුණි.
පසුදිනම අදාළ මන්ත්‍රීවරයා පාසල් ගුරුවරිය කැටුව අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් තිබුණේය. ඒ ඇය වෙනත් පාසලකට මාරු කර යැවීමටය. එම පාසල් ගුරුවරිය ඒ සිදුවීමෙන් පසුව යළිත් පාසලට පැමිණ තිබුණේ නැත
උදෑසන 6.50 ට පමණ
ටොන් එකක් බර ලොරියක් ඔහු ගමන් කරද්දී ඇ`ගට වැදුණ අතර ඔහු එයට යටවී මියගියා.
මෙම අනතුර සැලසුම් සහගතව කළ එකක්ද රියදුරුට නින්ද යාම නිසා සිදුවූවක්ද එසේත් නැතිනම් රියදුරුගේ බීමත්කම නිසා වූ දෙයක්ද යන්න ගැන පොලිස් පරීක්ෂණ තවම ක්‍රියාත්මකය.
තහවුරු නොකළ ආරංචි මගින් කියැවුනේ අනතුර සිදුවන අවස්ථාවේ ඔඩා හදිසියේ මාර්ගය හරහා පනිමින් සිටි බවකි. මේ සම්බන්ධ සීසීටීවී දර්ශනද තවම විමර්ශන මට්ටමේ තිබේ.
මිට්සුබිෂි ආයතනයේ ආදරයට ලක්වූ ප්‍රධානියෙකු වූ මියගිය ඔඩා දෙදරු පියෙකි. ඔහුගේ බිරියද එම ආයතනයේම මින් ඉහත සේවය කළ කාර්යාලයේදී හඳුනාගත් තැනැත්තියකි.
පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකය.


