උදෑසන 6.50 ට පමණ
ටොන් එකක් බර ලොරියක් ඔහු ගමන් කරද්දී ඇ`ගට වැදුණ අතර ඔහු එයට යටවී මියගියා.
මෙම අනතුර සැලසුම් සහගතව කළ එකක්ද රියදුරුට නින්ද යාම නිසා සිදුවූවක්ද එසේත් නැතිනම් රියදුරුගේ බීමත්කම නිසා වූ දෙයක්ද යන්න ගැන පොලිස් පරීක්ෂණ තවම ක්‍රියාත්මකය.
තහවුරු නොකළ ආරංචි මගින් කියැවුනේ අනතුර සිදුවන අවස්ථාවේ ඔඩා හදිසියේ මාර්ගය හරහා පනිමින් සිටි බවකි. මේ සම්බන්ධ සීසීටීවී දර්ශනද තවම විමර්ශන මට්ටමේ තිබේ.
මිට්සුබිෂි ආයතනයේ ආදරයට ලක්වූ ප්‍රධානියෙකු වූ මියගිය ඔඩා දෙදරු පියෙකි. ඔහුගේ බිරියද එම ආයතනයේම මින් ඉහත සේවය කළ කාර්යාලයේදී හඳුනාගත් තැනැත්තියකි.
පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකය.


