Sunday, December 7, 2014

තිස්ස අත්තනායක ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා. එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා නෙත් නිව්ස් වෙත කියා සිටියේ තිස්ස අත්තනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවයි.
 
තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව තිස්ස අත්තානයක මහතා අද පෙරවරුවේ සිරිකොතදී පැවැති විශේෂ රැස්විමකදී සිය කාර්ය මණ්ඩලය වෙත දැනුම්දී තිබෙනවා. කෙසේ වෙතත් තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදු කර නොමැති බවද ජෝශප් මයිකල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා.