වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට, ක්‍රීඩා අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිසා පසුගිය සඳුදා (24) ස්වර්ණවාහිනී රූපවාහිනී
නාලිකාවේ පැවැති ''රට කාටද ?'' සජීවී දේශපාලන සංවාදයට සහභාගිවීමට අවස්ථාව
නොලැබුණු බව එම නාලිකා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.අදාල වැඩසටහනේ අධ්‍යක්ෂවරයා විසින් එම සංවාදයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කථිකයකු එක්කරන ලෙස දන්වා තිබී ඇති අතර ඒ අනුව මුළින් ඊට සහභාගිවන ලෙසට දයාසිරි මහතාට පක්ෂයෙන් දැනුම්දී ඇත.
පසුව අදාල සංවාදයට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්දට ද යන ලෙස පක්ෂය දැනුම්දී තිබී ඇත.
කෙසේවුවද අවසානයේ වී ඇත්තේ මේ දෙදෙනාම අදාල සංවාදයට පැමිණ සිටීමය.
දයාසිරි ඊට සහභාගිවී ඇත්තේ කුරුණෑගල සිට දුරු කතර ගෙවාගෙනය.
එම සංවාදයට එක්වීමට දයාසිරි මහතා ස්වර්ණවාහිනියේ ආලින්දයේ සිට කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබාදී උත්සාහයක යෙදුනද එය ව්‍යර්ථව ගිය බවද පැවසේ.


