Wednesday, November 26, 2014

ගීතාත් පිම්මකට සැරසෙන ලකුණු !

"මම ඉන්නේ තෘප්තියෙන් නෙවෙයි. මම තෘප්තිමත් නැත්තේ පළාත් සභාව තුළින් මන්ත්‍රීවරියක ලෙස ජනතාවට ලබාදිය හැකි සේවය ලබාදීමට නොහැකි වීම නිසයි." යනුවෙන් දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (25) දකුණු පළාත් සභා සංකීර්ණයේදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින්  ඉතා බිඳුණු ස්වරයකින් පවසා තිබේ.
"මම දේශපාලනයට ආවේ මුදල් හම්බ කරන්න නෙවෙයි. අසරණ ජනතාව වෙනුවෙන් යමක් කරන්නයි. නමුත් අපි පළාත් සභා රැස්වීමට ඇවිත් තේ බීලා ගෙදර යනවා. මෙහෙම ගන්න පඩියටත් පව් පළාත් සභාව නිකම්ම නිකම් සුදු අලියෙක්. මම කනගාටු වෙනවා නිකරුණේ කාලය කා දැමීමට සිදුවීම පිළිබඳව'' ඇය වැඩිදුරටත් පවසා ඇත.
''මේක ඇතුළේ තියෙන්නේ පුදුම මාෆියාවක්. මන්ත්‍රීවරියක ලෙස පත්වී මේ දක්වා මට එක රස්සාවක් ලබාදීමට ලැබිලා නැහැ.." යනුවෙන්  ඇය පවසා තිබේ.