ඔහු මෙසේ පැවසුවේ බදුල්ල තල්දෙන හන්දියේ පැවති ජන හමුවක් අමතමිනි.
මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයට අපේ තාත්තත් එක්ක තේ එකක් බොන්න හොඳයි. හරීන් අයියා මාත් එක්ක තේ එකක් බිව්වම මඩ ගහනවා. ඒකට කොළඹ ඉදන් මඩ ගහනවා. කොහෙන් ගියත් මඩ ගහන එකනේ විපක්ෂයේ දේශපාලනය.
දැන් කොහෙන් ගියත් මඩ ගහන එකෙන් තමයි නවතින්නේ. දැන් ඊයේ පෙරේදා හරීන් මන්ත‍්‍රීතුමයි මමයි හමු වුණා. ඉතින් හරීන් අයියයි මායි හම්බන්තොට රැස්වීම් තියෙන කොටත් ඒ පැත්තේ අයත් ඇවිත් අපි හම්බ වෙලා කතා කරනවා. දෙන්නා දෙපැත්තට ගිහින් මරා ගත්තා කියමුකො, කාර්යාලයක් ගිනි තියා ගත්ත කියන්නකො, ඒත් බනිනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයට අපේ තාත්තත් එක්ක තේ එකක් බොන්න හොඳයි. අනේ හරීන් අයියා මාත් එක්ක තේ එකක් බිව්වම ඌට ගහනවා කොනක ඉඳන්. ඕක තමයි අද විපක්ෂයේ දේශපාලනය. රහස් සාකච්ඡුාවක් කරන්න ඕන නම් මේ එළි මහනේ කරනවයැ බදුල්ලේ ඉඳන්. ඕන තරම් රහස් සාකච්ඡ කරන්න තැන් තියෙනවනේ. එහෙම රහස් සාකච්ඡවක් වුණොත් මං ඇවිල්ලා කියන්නම්. දැනට එහෙම එකක් නැහැ’