Tuesday, September 2, 2014

MG ධනුෂ්ක නාව නිසා රසිකයෝ වේදිකාව කුඩු කරති


MG ධනුෂ්ක නාව නිසා රසිකයෝ වේදිකාව කුඩු කරතිදෙරණ සුපිරි තරුව එම්.ජී ධනුෂ්ක නොපැමිණීමෙන් කෝපයට පත් සංගීත රසිකයින් එප්පාවල එළියදිවුල්වැව මහජන ක‍්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයේ වේදිකාවට බෝතල්,ගල්,යකඩ බට හා පුටු වලින් පහරදී රුපියල් ලක්ෂ 10ක පමණ අලාභයක් සිදුකර තිබේ.
‘එම්.ජී ධනුෂ්ක කියන සුපිරි කලාකරුවා නොපැමිණීම නිසා යම් යම් බාධා සිදුවනවා. එම්.ජී කියන කලාකරුවාට මුදල් බැදපු රිසිට්පත් අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නම්. ඔහු අපේ ප‍්‍රසංගය භාර අරගෙන වෙනත් ප‍්‍රසංගයකට ගොස් තිබෙනවා’ 30 වනදා අලූයම සංවිධායකයින් ප‍්‍රචාරය කරනවාත් සමගම සංගීත සංදර්ශනයට සහභාගී වූ රසිකයන් කුපිත වී හූ කියමින් කෑකෝ ගසමින් වීදුරු බෝතල්,ගල් හා පුටු යන ආදියෙන් වේදිකාවට ප‍්‍රහාර එල්ල කර ඇත.