මේ සම්බන්ධයෙන් හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් අවධාරණය කළේ, තමන් මෙම කටයුත්තට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ය.
මෙම තර්ජනය ත් සමග ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ බ්ලොග් රචකයෝ කලබලයට පත්ව සිටිති.
එවැනි බ්ලොග් රචකයෙකු වන පෙරෙස් හිල්ටන් (Perez Hilton) ජෙනිෆර් ලෝරන්ස්ගෙන් සහ වික්ටෝරියා ජස්ටිස්ගෙන් සමාව ඉල්ලා තිබේ.
ඔහු ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සිය බ්ලොග් එකෙහි පළ කර තිබූ අතර පසුව ඉවත් කර ඇත.
සයිබර් සොරුන් විසින් ප්‍රකට ශිල්පිණියන් 100කට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර තිබිණි.