Sunday, January 18, 2015

මට හොඳ සමලිංගික සහකාරියක් ඕන

වර්තමාන හින්දි සිනමාවේ වඩාත්ම සාර්ථකව නැඟී එන නිළිය ලෙස සිනමා විචාරකයන් නර්ගීස්ව හඳුන්වන්නේ ඇය රඟපෑ චිත්‍රපට සියල්ලම අතිසාර්ථක වූ

නිසයි. මර්ඩන්, මැඩ්‍රාස් කැෆේ, මේ තේරා හීරෝ, රොක් ස්ටාර්, ජමෙයිකා ක්වීන් චිත්‍රපටවල රඟ පෑ නර්ගීස් Koffee With Karan වැඩසටහනට සහභාගි වෙමින් දැක්වූ අදහස් මේ.

ඔබට ඉන්දියානු පෙනුමක් නෑ කියලා රසිකයන් කියනවාද? මගේ අම්මා චෙකොස්ලෝවැකියානු කාන්තාවක්. ඒත් තාත්තා පාකිස්තානු ජාතිකයෙක්. ඒ කොහොම වුණත් මම ඉන්දියාවේ. මට තියෙන්නේ ඉන්දියානු පෙනුමක්.

අම්මයි තාත්තයි විදේශිකයන් වෙලා ඔබ ඉන්දියානු නිළියක් වුණේ කොහොමද? මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම හරියට ඉංග්‍රිසි කතා කරන්න බෑ. ඒත් අපි ඉන්දියාවේ පදිංචියට ආවා. මම මෝස්තර නිරූපණයට එකතු වුණා.





ඉංග්‍රිසි කතා කරන්නත් බැරිව කොහොමද ඒ දෙන්නා එක් වුණේ? ඒ ගැන නම් මගෙන් අහන්න එපා. කොහොමත් ආදරයටයි අනුරාගයටයි භාෂාවක් ඕන නැහැලුනේ.

කුඩා කාලේ ඉඳලම නිළියක් වෙන්න හීන මැව්වද? නෑ. මම සංචාරය කරන්නයි කැමැති වුණේ. එහෙම වුණේ මගේ අම්මා නිසා. ඇය සංචාරයට බොහොම ප්‍රියයි. මගේ වයස අවු. 10 වෙනකොට මම හුඟක් රටවල්වල සංචාරය කරලා තිබුණා.
 

මොනවද ඒ රටවල්? නවසීලන්තය, හොංකොං, ග්‍රිසිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය, ලන්ඩන්, කෝස්ටරිකා, සිංගප්පූර්.

ඇයි ඔබ මෝස්තර නිරූපණය රැකියාවක් ලෙස තෝරාගත්තේ? මගේ ආශාව වුණේ සංචාරය. මෝස්තර නිරූපණය එයට පහසුවක් වුණා.

සංචාරය කළ රටවල් අතරින් කැමැතිම රට මොකක්ද? ඉන්දියාව. ඉන්දියාව ඉතාම සුවිශේෂී රටක්. විවිධ සංස්කෘතීන්, පරිසර පද්ධතීන්, සතුන් විශාල ප්‍රමාණයක් එකම රටක තියෙනවා. මෙහේ සංචාරය කරන්න වෙන්නේ බඩගානවා වගේ හෙමින්. බලන්න ඒ තරම් තියෙනවා.
සංචාරක කාන්තාවන්ට විළිබිය නෑ. හුඟාක් මිනිස්සු එක්ක නිදා ගන්නවා. ලේසියෙන්ම පිරිමින් අල්ල ගන්න පුළුවන් කියලා සාමාන්‍ය මිනිස්සු හිතනවා. ඇත්තද ඒක? ඔව් මිනිස්සු එහෙම හිතනවා. ඒකෙ ඇත්තකුත් තියෙනවා. ඒත් මම එහෙම නෑ.

පිරිමි ඔබවත් එහෙම පොලඹවා ගන්න හදල තියෙනවද? මට හුඟාක් පිරිමි යාළුවෝ ඉන්නවා. එයාලා ගොඩක් සෙක්සි. ඒත් එයාලා මට මුලින්ම try කරනකොටම මම කියනවා ඔයා මගේ යාළුවෙක්. මට ඔයාගෙන් සේක්ස් එපා ප්ලීස් කියලා.

චිත්‍රපට අධ්‍යක්‍ෂ උදය චොප්රා සමඟ ඔබ කාමරයකට ගියේ එහෙම නොකියද? මේ මම එහෙම ගියාද?

ඇයි ගියේ නැද්ද? නෑ කියනවා නම් ඔප්පු කරන්නත් පුළුවන්. මගේ පෞද්ගලික ජීවිතයේ රහස් මම මාධ්‍යයට කියන්නේ නෑ.

ඒත් මාධ්‍ය ඒවා දන්නවනේ. ඔබට වඩා වයසින් බාල පොඩි කොල්ලො දෙන්නෙක් එක්ක ඔබ යාළුයි කියලත් දන්නවා. පත්තරේ තිබුණා එහෙම. අම්මත් මට බැන්නා ඒකට.

කොල්ලො දෙන්නෙක් එක්ක යාළු වුණාටද බැන්නේ අම්මා? බැරිවෙලාවත් බබෙක් හම්බවෙන්න හිටියොත්, බබාගේ තාත්තාව හොයාගන්නෙ කොහොමද කියලා ඇහුවා.

ඔයාට ස්ථීර පෙම්වතෙක් ඉන්නවානේ. ඉතින් ඇයි මේ පොඩි කොල්ලො එක්ක සෙක්ස්, ලව් කරන්නේ? මම ඕවට කිසිම උත්තරයක් දෙන්නෙ නෑ.

ඔයාට තියෙන්නේ කුණුහරුපයක් වගේ නමක්. Fucky ඉංග්‍රිසි තේරීම කුණුහරුපයක් නේද? මොනවා කරන්නද ඉතින්. මගේ නමේ තව කෑල්ලක් තියෙනවා. නන්දාස් කියලා ඒකේ තේරුම "කට්ටම්" කියන එකයි.

ඔබට කාන්තාවන්ගෙන් සමලිංගික ආරාධනාත් ලැබෙනවලු නේද? මාත් දැක්කා පත්තරේක එහෙම තියෙනවා. මම සමලිංගික කාන්තාවන් දෙසට නැඹුරු වෙනවා කියලා.

ඉතින් ඇත්තද ඒක? හොඳ lesbion (සමලිංගික කාන්තාව) කෙනෙක් හම්බවනකම් තමයි මාත් මේ ඉන්නෙ අනේ.

කොයිවගේ කෙනෙක්ද හොඳ? (ස්ලම් ටෝග් මිලියනර් චිත්‍රපටයේ) ෆ්‍රිඩා පින්ටෝ වගේ හුඟාක් hot ඒ වගේම sex කෙනෙක්.

රොක් ස්ටාර් චිත්‍රපටයේ ඔබ වරුන් බවාන් එක්ක හුඟාක් නිරුවත් වුණා නේද? swiming pool එකේ සින්දුවේදි
මටත් වඩා නිරුවත් වුණේ වරුන්. ඒ අත්දැකීම හරිම ෂෝක්.

ඔබට වඩාත්ම ගැළපෙන සහාය නළුවා කවුද? වරුන් ධවාන්.

මිනිස්සු ඔබ ගැන නොදන්න දේවල් මොනවද? මම හුඟක් කාමුකයි. මගේ ශරීරය ගැන ඕනවට වඩා සැලකිලිමත්. මම විහිළු කරන්න කැමැතියි. වැඩියෙන්ම කැමැති කුණු හරුප විහිළුවලට. නවසීලන්තයෙන් බඩු භාණ්ඩ මිලදී ගන්න කැමැතියි.



විවාහයට හෝ ලිංගික සේවනයට කැමැති හින්දි නළුවා කවුද?
රන්බීර් කපූර් සහ ජෝන් ඒබ්‍රහම්.

ඔබේ ජීවිතය වෙනස් කළ අදහස කුමක්ද? මේක පිස්සු අදහසක් වෙන්නත් පුළුවන්. මම හැමදේම මටම කියනවා. ok be cool

ඔබ ගැන කියවුණු අමුතුම විදිහේ කටකතාව මොකක්ද? අර කලින් කියලු සමලිංගික කතාව.

ඉන්දියාවේ Hot නිළිය කවුද? ප්‍රියංකා චොප්රා.

ඔබ කවදාහරි ඔබේ පෙම්වතෙක්ව ඔහුගේ අකමැත්තෙන් කොහේ හරි අරන් ගිහින් තියෙනවද? ඔව්.

ඉන්දියාවේ සරාගිකම නළුවා කවුද? ජෝන් ඒබ්‍රහම්.

වඩාත් විලාසිතාමය නිළිය කවුද? සෝනම් කපූර්.




සහන් ආකර්ශ වික්‍රමසිංහ