Sunday, January 18, 2015

නිරුවත මට කොහොමත් හුරුයි/සමලිංගික සහකරුවා රොෂාන් නම් තවත් හොඳයි - පුබුදු කියයි

01. කලාකරුවෙක් විදියට මේ දවස්වල රටේ තොටේ වෙන දේවල් ගැන මොකද හිතෙන්නේ, විශේෂයෙන් දේශපාලනය ගැන?
සමස්ත දේශපාලනය ගැන මට අදහසක් තිබෙනවා. මොකද මම දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව ආදී විෂයන් ඉතා පුළුල්ව හදාරලා තියෙනවා. ඒ හදාරපු දේවල් සහ මේ වෙන දේශපාලනය අතර ඉතා විශාල වෙනසක් තිබෙනවා. කලාකරුවෙක් විදියට ඒ දෙය දැනෙන්නේ කොහොමද කියන කාරණයේදී මුලින්ම මම කියන්න ඕන මම කලාකරුවෙක් නෙවෙයි.

02. කලාකරුවෙක් නෙවෙයි කියන්නේ?
කලාකරුවෙක් විදියට මට මේ රටේ දේශපාලනය දැනෙන්නේ නැහැ. මම කලාකරුවෙක් නොවන නිසා කලාකරුවෙක් වුණත් මේ රටේ දේශපාලනය දැනෙන්න විදියක් නැහැ. එහෙම දැනෙන දේශපාලනයක් මේ රටේ නැහැ.


03. දැනෙන දේශපාලනය කියලා අදහස් කරන්නේ මොකක්ද?
ඕකට මම හොඳ උදාහරණයක් කියන්නම් මගේ පාසල් මිතුරකුට එයා එංගලන්තේ ගිය වෙලාවක තමයි මේක වෙලා තියෙන්නේ. ඔහුට එහි දේශනයකදී දැනට ජීවතුන් අතර සිටින පශ්චාත් නූතනවාදීන්ගෙන් අයකු වන ජිජැක්ව මුණගැහෙනවා. මගෙ මිතුරා ලංකාව ගැන කතා කරගෙන යද්දි ජිජැක් ඔහුගෙන් අහලා තියෙනවා එකම ප්‍රශ්නය තුන්පාරක්. ප්‍රශ්නය තමයි "ඔබේ රටේ කලාකරුවෝ සහ ගුරුවරු මොකද කරන්නේ?" යන්න.


04. කලාකරුවෝ එක් පිරිසක් මහින්ද පිලත් අනෙක් පිරිස මෛත්‍රි පිලත් නියෝජනය කරමින් දෙපිලක් අතර බෙදිලා මේකෙන් කලාවට වෙන යහපත මොකක්ද?
මුලින්ම කලාකරුවා කියන්නේ කවුද කියලා හරියට නිර්වචනය කරගත්තොත් ප්‍රශ්නයට උත්තරේ හරි ලේසි වෙනවා.
 


05. එහෙනම් කලාකරුවා කියන්නේ කාටද?
ලෝකයේ සිටින අතිදක්‍ෂ බැලේ නර්තන ශිල්පියෙක් වන
ච්ඥඨරචදඵඬර ගේ ධ්දබඥපමඪමඥඹ එකක් මම බැලුවා. ඔහු ඒකේ ර්චදඨධබ ජ්ධදබඥරද කියන රුසියානු බැලේ නර්තන ශිල්පිනිය ගැන මෙහෙම කියනවා. ර්චපඨධබ ජ්ධදබඥරද තමයි හංසවිල (ස්වෝන් ලේක්)හි රංගනයේ යෙදෙන්නේ. ඔහු කියනවා ර්චපඨධබව අවුරුදු 16දී තමයි හංස විලේ නටනවා දැක්කේ. ඒක දකිද්දි මට හිතුණා ඇය බොහොම අපූරු නර්තන ශිල්පිනියක් කියලා. 


ඊට අවුරුදු 20කට 30කට පස්සෙ යළිත් ඇයව මුණගැසෙද්දි ඇය හංස විලේ චරිතය කරනවා මම එදා දැක්කේ ඒපබඪඵබ කෙනෙක් කියලා ච්ඥඨරචදඵඬර කියනවා. ඕක තමා කලාකරුවා කියන තැන හරි අර්ථ දැක්වීම තියෙන්නේ. 

මාලන් බ්‍රැන්ඩෝ කියන සුප්‍රකට රංගන ශිල්පියා පවා කියනවා ඔහු කලාකරුවෙක් නෙවෙයි කියලා. ඔහුගේ අර්ථදැක්වීම අනුව ශේක්ෂ්පියර් කලාකරුවෙක්. කලාකරුවෙක් වීම ලේසි නැහැ. මාලන් බ්‍රැන්ඩෝ එහෙම කියනවා නම් අපි මොන කලාකරුවොද? මෙගාවල ඔබපච ඒජබ කළාමත් සමහරු හිතනවා කලාකරුවො කියලා. මෙගා නාට්‍ය ච්පඪමඥපත් හිතන් ඉන්නවා කලාකරුවෝ කියලා. ලෝකේ කලාකරුවෝ සීමිතයි.

06. අපි නැවැත ප්‍රශ්නෙට ආවොත් මේ පිල් දෙකකට බෙදීම හොඳද නැද්ද?
යුද්දෙකදි මොකද වෙන්නේ මොන විදියකින් හරි මිනිසුන් බෙදෙනවා. ජීවිත හානි, දේපළ හානි වගේම ආර්ථිකේ පස්සට යනවා. දැන් මේ රටේ දේශපාලනය නිසා මොකද වෙලා තියෙන්නේ. බෙදිලා නැද්ද මිනිස්සු. ජීවිත හානි, දේපළ හානි වෙලා නැද්ද. ආර්ථිකය පස්සට ගිහින් නැද්ද. ඉතින් දෙයිහාමුදුරුවනේ මේ වෙන්නෙත් යුද්දෙන් වුණු දේම නෙවෙයිද? දැන් මෛත්‍රිපාල, මහින්ද කියලා බෙදිලා. මේක නෙවෙයිද බෙදුම්වාදය, නොදැනුවත්ව වෙලා තියෙන්නේ ඒකම නෙවෙයිද?


07. ඇයි එහෙනම් ඒක බොහෝදෙනාට නොතේරෙන්නේ?
ඔව්. ඒක ගොඩක් අයට තේරෙන්නේ නෑ. එදා සුද්දා හදපු ච්ඪමඪඤඥ ඛ්ධදඳභඥප කියන ක්‍රමවේදෙම තමා මේ සිද්ධ වෙන්නේ කියලා. කවුරු කොහොම ධනේශ්වරය ඇතුළේ දේශපාලන පක්‍ෂ හදාගෙන හිටියත් සුද්දා නිර්මාණය කරපු දේම තමයි මේ වෙන්නේ. 


මේක මේ සාමාන්‍ය ජනතාවට නොතේරුණාට, දේශපාලනඥයෝ මේක දන්නවා. ඔවුන් මේක දැනගෙනත් නොදන්නවා වගෙ ඉන්නේ තමන්ගේ මඩිය තර කරගන්න අවශ්‍ය නිසයි. බෙදා වෙන්කොට පාලනය කිරීම තමයි මේ වෙන්නේ. එහෙම වෙන තරමට ඔවුනට මේක පාලනය කිරීම ලේසියි. එහෙම තමයි මේ ඉරඵබඥථ එක හදලා තියෙන්නේ.

08. එතකොට පුබුදු චතුරංග මොන පිලේද?
ඇත්තටම මට එහෙම පිලක් නැහැ. මම කොහොමද මේ මොහොතේ පැත්තක් තෝරා නොගන්නේ. මගේ දේශපාලනය ආර්ථික දැක්වීම වෙනස්. ඒක පක්‍ෂ දේශපාලන අර්ථයකින් එන එකක් නෙවෙයි.
 

09. ප්‍රසිද්ධියේ තම දේශපාලන මතය නොකියන්නේ, එක් පිලකටවත් සහාය නොදෙන්නේ ඒක මේ වෙලාවේ අවාසි නිසාද ලේබල් වෙන නිසාද?
මේ වෙලාවේ දේශපාලනය කියන්නේ කල්පැනපු කුණු වුණු සාම්බාරු හොද්දක්. ඒකෙ අත දදා කන්න මට ඕනකමක් නැහැ. ඊට වඩා මම ගැඹුරින් දේශපාලනය හදාරලා තියෙනවා. ඒකෙ ලස්සන මම දන්නවා. මේ රටේ ඉන්න දේශපාලනඥයො දෙන ආතල් එක මටත් හරි ආතල්. අර මත්වෙන පෙත්තක් ගහලා වගේ තමයි කට්ටිය, පාට ගොඩයි මත් වෙලා ආතල් එකේ ඉන්නවා. හැබැයි ගහන අය දන්නේ නෑ තමන් මේකෙන් මැරෙන බව. රටටත් වෙලා තියෙන්නේ ඒකයි.


11. සල්මන් ඛාන් ලංකාවට එද්දි අලුත් පරපුරේ කලාකරුවන්ට ගල් ගැහුවා. මේක කොහොමද දකින්නේ?
සල්මන් ඛාන්ව නෙවෙයි ජැකලීන්ව හම්බවෙන්න තිබුණා නම් හොඳයි. ඒ වගේම අපේ කලාකරුවන්ට පහරදීපු ඒ නපුංසකයා කවුරු හරි මම ඒකට කියන්නේ මම තනියම එනවා කුරුණෑගලට. අපි තනියම මුහුණට මුහුණ මිනිස්සු විදියට පිරිමි විදියට මේ ගැන කතා කරමු කියලා. 


පුළුවන් නම් කලාකරුවන්ට හැංගිලා ගහන නපුංසකකම පැත්තක තියලා පිරිමි විදියට අපි කතා කරමු. මම කැමැතියි පිරිමියෙක් විදියට එයාව හම්බෙන්න. මොකද පිරිමියෙක් නම් ඔය වගේ ගොන් පාර්ට් කරන්නේ නෑ. මේ මඩ වගුරේ ඉන්න ගොන් ආතල් ගන්න අයනේ ඕක කරන්න ඇත්තේ.

12. වත්මන් සිනමාවේ වීරයෝ ඉන්නවද?
සිනමාවට නෙවෙයි අඩුගාණේ මේ රටේ වීරයෝ ඉන්නවද නැහැනේ. රටක වීරයෝ නැහැ, සැබෑ ආදර්ශයට ගන්න පුළුවන් නම් තමයි සිනමාවෙත් එහෙම වීරයෝ බිහිවෙන්නේ. ආදර්ශයට ගන්න පුළුවන් විදියේ පණ තියෙන ගහක් හෝ රටක තියෙන්න ඕන.


13. රන්ජන් රාමනායක වත්මන් සිනමාවේ වීරයා නෙවෙයිද?
නෑ නෑ වීරයා විදියට පෙනුණා. දැන් රන්ජන් අයියත් වයසයි. දැන් එයත් දැන් ඔය කතාව විශ්වාස කරන එකක් නැහැ. එහෙම නම් ඉතින් වයස අවුරුදු 80දීත් වීරයා වෙන්න පුළුවන් වෙයි.
 

14.ඇයි පුබුදු චතුරංගට නිළියක් අෑඳිලා තවම කටකතාවක් හැදුණේ නැත්තේ?
මම ක්ෂේත්‍රයට ආවෙම ඔය තීරණය අරන්. මම මේ ක්ෂේත්‍රයට එන්න කලින් මේක ගැන අධ්‍යයනය කළා මේ ප්‍රශ්න මට ඇති නොවෙන්න. මායි මගෙ යාළුවා ලක්මිණි අමරදේවයි කොළඹ ආවා, මම මුලින් රචකයෙක් විදියට වැඩ කරලා පස්සෙ නළුවෙක් වෙන්න තීරණය කළාම ඔහු මට කිව්වා ඔක්කොම නළුවෝ වෙන්නේ නිළියෝ එක්ක ඉන්න වුවමනාවට කියලා. මම ඔහුට කිව්වා හරි මම එහෙම නොවී අවුරුදු 10ක් ඉඳලා පෙන්වනවා කියලා. ඉතින් තාමත් මම ප්‍රතිපත්ති නොකඩා ඉන්නවා.

15.කවදාවත් එහෙම රංගන ශිල්පිනියක් ගැන ප්‍රේමාන්විත හැඟීමක් ඇතිවෙලාම නැද්ද?
නෑ. ඇත්තටම හරියට ඇක්ට් කරනවා නම් එහෙම වෙන්න විදියක් නෑ.
16.කටකතාවක් හදාගන්න කැමැතිම නැද්ද?
කැමැතියි. ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් වගේ එක්ක.
දක්ෂතාව අනුව පෙළගස්වන්න
උද්දික ප්‍රේමරත්න
ජගත් චමිල
හේමාල් රණසිංහ
රොෂාන් රණවන
මෙහෙමයි මේ අය හැමෝම තම තමන්ට ලැබුණු අවස්ථා අනුව දක්ෂතා පෙන්වපු අය. පෙළගස්වන එක අමාරු වැඩක්නේ.
17.මේ අයට කියන්න තියෙන දේ එක වාක්‍යයකින් කියන්න.

ජැක්සන් ඇන්තනී - කෝ මාරාසාද්?
කමල් අද්දරආරච්චි - ආයෙත් එන්න
මහේන්ද්‍ර පෙරේරා - එළ
රොජර් සෙනෙවිරත්න - වෙනස් වෙන්න.
18. වත්මන් සිනමාවේ සරාගීම රංගන ශිල්පිනිය කවුද?
ජැක්ලීන්?

20. ඇය ලංකාවේ රඟපාන්නේ නෑ. මං අහන්නේ ලංකාවේ?
මාලිනී ෆොන්සේකා.
21. මං අහන්නේ වර්තමානයේ ඉන්න තරුණ රංගන ශිලිපිනියන්ගෙන් කවුද?
හුඟාක් අයට තියෙනවානේ, ඒකනේ මම කල්පනා කළේ.

22. ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට ආරාධනා කරනවා. අතිශයින්ම ලිංගික දර්ශන තිබෙන චිත්‍රපටයක්. නිළිය විදියට සනී ලියෝන් සහ මල්ලිකා ෂෙරවට් මේ අයගෙන් කාවද පුබුදු අයියා යෝජනා කරන්නේ?
මේ දෙන්නවම බැරිද දන්නෙ නැහැ නේද?
23. ෆෝබ්ස් සඟරාවේ ඛ්ධමඥප ර්ථීචඨඥ එකකට නිරුවතින් නිරූපණයකට කතා කළොත් කෝටි 50කට භාරගන්නවාද?
අයියෝ මම සිනමාවට ආවෙත් නිරුවතින්. මමයි සුමනා ගෝමසුයි වෙන්න ඇති එහෙම නිරුවතින් සිනමාවට ආවෙත්. කෝටි 50ක් එපා කෝටි 49ට වගේ මම නිරුවතින් ඛ්ධමඥප ර්ථීචඨඥ එකට ඉන්නම්.

24. සමලිංගික ප්‍රේමය තේමා වුණු චිත්‍රපටයක් ලැබුණොත් භාරගන්නවාද?
කතාව හොඳයි නම්, හොඳ නිර්මාණයක් නම් ප්‍රශ්නයක් නැහැ. මට එහෙම හැඩතලවල ප්‍රශ්නයක් නෑ.
25. රොෂාන් රණවන තමයි සමලිංගික සහකරුවා.
ආහ් ලේසියිනේ.

26. රොෂාන්ට ඹ්ඪනඵ ම්ඪඵඵ එකක් දෙන්න වුණොත් දෙනවද එතකොට?
ප්‍රශ්නයක් නෑ. අපි ඔය වෙලාවකට ප්ලාස්ටිකුත් කන්නේ.

27. ඇයි විවාහය හැමදාම කල් දාන්නේ?
මම එන්න එන්න තරුණ වෙනවානේ ඒකයි. කල්දාන්නේ නෑ.
28. පෙම්වතිය ගැනත් කියමු නේද?
පෙම්වතියක් මට ඉන්නවාද අනේ මන්දා ඔයා දන්නවාද?
29. ඇත්තටම පෙම්වතියක් නැද්ද?
ඉන්නවා. මෙච්චර වෙලා කතා කළේ ඒ ගැනනේ.


30. හරි හරි මඟ අරිනවා කියලා තේරෙනවා. කියන්නකෝ දැන් ඔය ප්‍රේම කරන කෙනාමද අනාගතේ බිරිය වෙන්නේ?
අනේ... මට ඒ තරම් ඕවා ගැන අත්දැකීම් නෑ. ඔයා ඔය වගේ ප්‍රශ්න අහලා මාව නරක් කරන්න හදන්නේ.
31. ඒ කියන්නේ විරුද්ධ ලිංගික ප්‍රේමයේ අත්දැකීමක් නෑ කියලද? ඇයි බොරු කියන්නේ, කෙළින් උත්තර දෙන්නකෝ.
විඳිනවා.

32. එක්කෙනෙක්ගෙන්ද ගොඩක් අයගෙන්ද?
අපෝ නෑ. මම එහෙම වැඩ නම් කරන්නෙ නෑ.
33. ඉතින් ඇයි ඕක මඟහරින්නේ පෙම්වතිය කවුද?
ඉතින් පෙම්වතෙක් කියලා කිව්වනේ දෙවියනේ.

34. ඉතින් කවදද බඳින්නේ?
ඒක කොහොමද කියන්නේ. ඒක දෛවයේ කොහොම ලියවිලා තියෙනවද දන්නෙ නෑනේ. බැරි වෙලාවෙත් මේ ධ්දබඥපමඪඥඹ එක යන්න කලින් මළොත් එහෙම.
35. උදේ නැඟිටිද්දි දීපිකා පදුකෝන් ළඟින් හිටියොත්?
ස්ස්ස්ස්... අම්මෝ මහා විනාශයක් වෙයි.
36. විනාශයක් කිව්වේ?
මං බෙල්ලෙ වැල දාගන්නවා.

ඡායාරූප - පමෝද් නිල්රූ