Tuesday, December 2, 2014

මෛත්‍රීගේ රැළියට ආ ඩ්‍රොන් යානා ගැන දන්නවාද?

පසුගියදා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවැත්වූ මංගල ජනහමුව අතරතුර අහසේ ගමන් කරනු ලැබූ ඩ්‍රොන් යානා පිළිබඳව ඇතැමුන් ෆේස්බුක් ඔස්සේ විවිධ කතා නිර්මාණය කොට තිබුණි. පහතින් දැක්වෙන්නේ ෆේස්බුක් ඔස්සේ හුවමාරු එවන් නිර්මාණ කිහිපයකි. 
m33
mnew
බොහෝ දෙනෙකු මෙවන් අසත්‍ය ප්‍රචාර ෆේස්බුක් ඔස්සේ පතුරා තිබුනේ මෙම කුඩා ප්‍රමාණයේ ඩ්‍රොන් යානා පිලිබඳ තිබුණු නොදැනුවත්කම හේතුවනි. මේවනවිට ඩ්‍රොන් යානා භාවිතයෙන් ඉහල අහසේ සිට ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම ලංකාවේද ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙයට කලකට පෙර ගුවනේ සිට වීඩියෝ දර්ශනයක් පටිගත කිරීම ඉතා වියදම් සහගත වැඩක් වුවත් කුඩා ප්‍රමාණයේ ඩ්‍රොන් යාත්‍රා ජනප්‍රිය වීමත් සමග එයා ඉතා පහසු කටයුත්තක් බවට පත්වී තිබේ. 
 
තටු හතරක් සහිත යානා හදුන්වන්නේ කොඩ්කොප්ටර් යනුවෙනි. 
Q450-quadcopter-kopen
 
තටු හයක් සහිත යානය හඳුන්වනු ලබන්නේ හෙක්සාකොප්ටර් යනුවෙනි. 
123
 
තටු අටක් සහිත යානය හඳුන්වනු ලබන්නේ ඔක්ටෝකොප්ටර් යනුවෙනි. 
oc
දර්ශණ පටිගත කිරීමට අමතරව විදෙස් රටවල් මෙවැනි ඩ්‍රොන් යාත්‍රා මේවනවිට භාණ්ඩ ප්‍රවාහනය සඳහාද යොදාගැනීමට කටයුතුකොට තිබේ. ඇමසන් ආයතනයේ "ප්‍රයිම් එයාර්" හා ගූගල් ආයතනයේ "ප්‍රොජෙක්ට් වින්ග්" යන ව්‍යාපෘති මෙයට උදාහරණ වේ. 
 
ඇමසන් ප්‍රයිම් එයාර් මගින් භාණ්ඩ ප්‍රවාහනය සිදු කරන ආකාරය දැනගන්න පහත වීඩියෝව බලන්න 

 
ගූගල් ප්‍රොජෙක්ට් වින්ග් මගින් භාණ්ඩ ප්‍රවාහනය සිදු කරන ආකාරය දැනගන්න පහත වීඩියෝව බලන්න 

 
විනෝදාංශය ලෙස ඩ්‍රොන් යාත්‍රාවක් පැදවීමට අවශ්‍යනම් අවම මිල ගණන් යටතේ කුඩා ඩ්‍රොන් යාත්‍රා Ebay ඔස්සේ මිලදීගත හැකිවේ. GoPro වැනි කැමරාවක් රැගෙන පියාසර කිරීමට තරමක් විශාල ඩ්‍රොන් යාත්‍රාවක් අවශ්‍යය වන අතර ඒවා තරමක් මිල අධික වේ. නමුත් Ebay වැනි වෙබ් අඩවි ඔස්සේ ඩ්‍රොන් තැනීමට අවශ්‍ය උපාංග ගොනුවක් ලෙස ගෙදරට ගෙන්වාගෙන ඉතා අඩු මුදලකට නිවසේදීම විශාල ප්‍රමාණයේ ඩ්‍රොන් යාත්‍රාවක් තනාගත හැකිවේ. 
 
SL GADGET GEEK නම් ලාංකික තරුණයන් කිහිප දෙනෙකු නිවසේ සිටම ඩ්‍රොන් යාත්‍රා නිර්මාණය කොට තිබු අයුරු බලන්න පහතින් 
q1 q3 q4 q5 q6