ඇමරිකානු මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය පවසා ඇත්තේ ඇමරිකානු නිෂ්පාදිත මරිජුවානා මෙක්සිකෝව තුළ ඉහළ මිලකට අලෙවි වෙමින් ඇති බවයි.
ඇමරිකාව තුළ ගංජා භාවිතය නීතිගත කිරීමේ උත්සහයන් සමග මෙක්සිකෝවෙන් ගංජා ගෙන ඒම මන්දනය වෙමින් ඇති අතර ඒවා ඇමරිකානු නිෂ්පාදිත ගංජා වලට වඩා තත්වයෙන් බාල වීමද මෙයට හේතුවී ඇතැයි පැවසේ.
ඇමරිකානු ගංජා වල ටෙට‍්‍රා හයිඩ්‍රො කැනබිනෝල් ප‍්‍රතිශතය 10-20% වන විට මෙක්සිකානු ගංජා වල එය 3-8% මට්ටමේ පවතින බව වාර්තා වේ.
මෙක්සිකෝව තුළ මහා පරිමාණව එළිමහනේ ගංජා වගාකිරීම මගින් එය වියළී යාම මෙයට හේතුව ලෙස සැලකේ. මේ නිසා මෙක්සිකානු ගංජා අලෙවිය බිඳ වැටෙමින් ඇති බවත් ඇමරිකානු ගංජා සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අවධානය යොමුව ඇති බවත් මත්ද්‍රව්‍ය පාලන අධිකාරියේ ප‍්‍රකාශක ලෝරන්ස් පේන්ගේ අදහසයි.
නමුත් මේ තත්වය මත ජාවාරම්කරුවන් ගංජා වෙනුවට කොකේන්, මෙත් සහ හෙරොයින් කෙරෙහි වැඩි අවධානයක් දක්වමින් ඇති බව මෙක්සිකෝවේ සිනලෝවාහි මත්ද්‍රව්‍ය සංස්කෘතිය පිළිබඳ විශේෂඥ, මාධ්‍යවේදී ජාවියර් වැල්ඩෙස් පවසා ඇතැයි වාර්තා වේ.



