Thursday, December 4, 2014

සම්මානය ලැබිමට සුදුසුම කෙනා මමයි



Ruwangi-Rathnayake- ජනප්‍රිය නිළිය රුවන්ගි රත්නායක
සුමති සම්මාන උළෙ‍ලේ ජනප්‍රිය නිළිය විදිහට ඔබ තේරීපත්වීම සාධාරණයි කියලා හිතනවාද?
ඔව්. මම හිතනවා ඒ සම්මානය ලැබිමට සුදුසුම කෙනා මමයි කියලා. ඒ නිසානේ ප්‍රේක්ෂකයෝ වැඩිම මනාපයෙන් මාව ජනප්‍රිය නිළිය විදිහට තෝරා ගත්තේ.
තමන්ටම මනාප යවාගෙන වුණත් ජනප්‍රිය නිළිය විදිහට සම්මාන දිනා ගන්න බැරිකමක් නැහැ නේද?
මනාප කොච්චර ලැබුණත්, ඒ සම්මානය ලබන්න සුදුසුම කෙනාට තමයි විනිශ්චය මණ්ඩලය සම්මානය ලබා දෙන්නේ. අනෙක එහෙම නම්, මට විතරක් නමෛයි, ජනප්‍රිය නිළිය සඳහා නිර්දේශිත ලැයිස්තුවේ හැමදෙනාටම අවස්ථාව තිබුණා තමන් වෙනුවෙන්ම මනාපය පළ කර ගන්න.
තමන් වෙනුවෙන් කොච්චර එස්.එම්.එස්. මනාප යවාගෙනද ජනප්‍රිය නිළියගේ සම්මානය දිනා ගත්තේ?
මට මා වෙනුවෙන් එස්.එම්.එස්. දෙක තුනකට වඩා යවා ගන්න බැරිවුණා. මොකද පසුගිය දවස්වල මම බොහොම කාර්යබහුල වෙලයි හිටියේ.