යොවුන් ගායිකා චේතනා රණසිංහ

රියැලිටි තරග තුළ කිරුළ දිනූ අය අභිබවා පසුකාලයේදී වෙනත් අය මතුවනවා. ඔබ ඊට කදිම උදාහරණයක්. ඒ ගැන ඔබේ අදහස කුමක්ද ?
මම පාසල් අවධියේදීත් සංගීතය හැදෑරුවා. ඉන් පසුවත් සංගීතය හැදෑරුවා. දැනට මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක්. එහිදී මම හදාරන්නේ සංගීතය, සමාජ විද්‍යාව සහ කළමනාකරණය. ඒ වගේම මම නිර්මාණ කිහිපයක්ම කළා. හොඳ නිර්මාණවලට දායකවන්න මට අවස්ථා ලැබුණා. රියැලිටි තරගයක් නවකයකුට ක්‍ෂේත්‍රයට එන්නට ලොකු ඉඩකඩක් ලබා දෙනවා. ඒ ඉඩකඩ හරහා තමන්ගේ ගමන් මග සකසා ගැනීම තමන් සතුයි. තරගයෙන් පසුවත් ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් ඇති බව අමතක කළ යුතු නැහැ. සංගීත ඥානය වැඩි දියුණු කරගෙන හොඳ නිර්මාණවලට දායක වෙමින් ඒ ගමන ගියොත් වරදින්නේ නැහැ.

චේතනා ශ්‍රී ලංකාවට බයිලා හඳුන්වා දුන් වොලී බැස්ටියන් සමග ඥාති සම්බන්ධයක් පවතිනවා. ඔහු ගැන ඔබේ අදහස කුමක්ද ?
වොලී බැස්ටියන් කියන්නේ මගේ ආච්චිගේ මාමා. නෑදෑකමින් ඔහු මගේ මී මුත්තා මම ඉපදෙන විට ඔහු ජීවතුන් අතර සිටියේ නැහැ. වැඩිහිටියන්ගෙන් තමයි මම ඔහු ගැන දැනගත්තේ. මගේ මීමුත්තා මේ රටේ බයිලා සංගීතයේ පුරෝගාමියා බව මා අසා තිබෙනවා. ඔහුව ජීවමානව දකින්නට ලැබුණේ නැතත් වොලී බැස්ටියන්ගේ මී මිනිපිරිය වීම ගැන මා සතුටු වනවා.

චේතනාගේ කීර්ති පැස්කුවල් සමගත් ඥාති සම්බන්ධයක් ගොඩනැගෙන්නට යන බව ආරංචියි
ඔව් ඒ ආරංචිය ඇත්ත.
ඔව් ඒ ආරංචිය ඇත්ත.
ඒ ඥාති සබඳතාව ගොඩනැගෙන දින එසේත් නැත්නම් කීර්තිගේ පුතු කසුන් පැස්කුවල් සහ ඔබේ විවාහය ගැනත් කතා කරමු.
කසුන්ගේත් මගේත් විවාහය එළඹෙන දෙසැම්බර් මාසයේ 11 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදී සිදුවනවා. අපේ මංගල්‍යයේ දෙවැනි මනාල මනාලියන් සහ මල් කුමර කුමරියන් වන්නේත් කලා ලොවේ අයගේ දූ දරුවෝ. කාවින්ද්‍යා (අතුල සමිතාගේ දියණිය) නුවන් ගුණවර්ධනගේ පුතා, සංගීත් විජේසූරියගේ පුතා, නලින් පෙරේරාගේ පුතා මේ අතර සිටිනවා. මගේ නංගීත් ඉන්නවා.

මම කීර්ති සර් (කීර්ති පැස්කුවල්) යටතේ සංගීතය හදාරන්න පටන් ගත්තේ ‘ඩී්‍රම් ස්ටාර්’ එකට සම්බන්ධ වූ මුල් කාලයේදීමයි. ඔය කාලෙදී කසුන් ගිටාර් වාදනය ගැන පන්ති පැවැත්වූවා. මම කසුන්ගේ ගිටාර් පන්ති ගියේ නැහැ. ඒත් කසුන් ඉඳහිට අපේ සංගීත පන්තියට එනවා. ඒ සර්ව මුණගැහෙන්න. ඒ විදියට ආපු වෙලාවක තමයි මුලින්ම අපි හමුවුණේ.
මුල්ම හමුවීම ආදරයකට මුලපුරන්න හේතුවුණාද?
නැහැ. ආදර සම්බන්ධයක් ඇතිවුණේ පස්සේ කාලෙකදී.
මුල් දවස්වල ඉඳහිට කසුන් සර්ගේ පන්තියට ආවාට අපි අතර ලොකු කතාබහක්වත් ඇතිවෙලා තිබුණේ නැහැ.

මුලින්ම කසුන්ව දුටු මොහාතේදී මොන වගෙ හැඟීමක්ද හිතට ඇති වුණේ ?
කවදත් සර් ගැන මගෙ හිතේ ලොකු පැහැදීමක් තිබුණා. කසුන්ව මුලින්ම දැකපු වෙලාවේ මගේ අවධානය යොමුවුණේ එයාගෙ කොණ්ඩෙට. කසුන්ගේ කොණ්ඩෙ හරියට සර්ගෙ කොණ්ඩෙ වගේමයි. ඒක හින්දයි ඒ අවධානය යොමුවුණේ.

ඒ අවධානයද පස්සේ ආදර හැඟීමක් දක්වා දුර ගියේ ?
නැහැ ඒක ඇසුරු කිරීම තුළින් ටිකෙන් ටික වර්ධනය වුණු විශේෂත්වයක්.

ඒ සඳහා සෑහෙන කාලයක් ගියාද ?
මුලින් අපි අතර ලොකු කතාබහක් තිබුණේ නැහැනේ. පහුගිය අවුරුද්දේ සර්ගෙ උපන් දිනය වෙනුවෙන් ළමා නිවාසයක උත්සවයක් තිබුණ. ඒ අයට තෑගි දීලා සංගීත ප්‍රසංගයකුත් පැවැත්වුණා. එදා ඒකෙ සංවිධාන කටයුතු කරද්දී තමයි මට කසුන් එක්ක ළඟින් ඇසුරු කරන්න ලැබුණේ. කොහොම හරි ඉතින් ඒ දැන හැඳුනුම්කම නිසා ඊට පස්සේ අපි නිතර නිතර දුරකථනයෙන් කතා කළා. ඒ කතාබහ තමයි ආදරයක් දක්වා දුර ගියේ ටිකෙන් ටික.

කසුන් ආදරය ප්‍රකාශ කරද්දී චේතනා තුළත් ඔහු ගැන ආදර හැඟීමක් ඇතිවෙලා තිබුණාද ?
පැහැදීමක් තිබුණා. ඒත් කසුන් ආදරය ප්‍රකාශ කරද්දී මම එය පිළිගත්තේ නැහැ.

ඇයි ඒ ?
මගෙ හිතේ සර් ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම සර් පන්තියේ ළමයි අතරින් මා ගැන ලොකු පැහැදීමක් තිබුණා. කසුන් එක්ක සම්බන්ධයක් ඇතිවුණොත් සර් ඒකට මොන විදියේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා බයක් හිතට ඇතිවුණා. කොටින්ම කීර්ති සර්ට තියන ගෞරවයයි බයයි හින්දයි කසුන්ගේ ආදරය පිළිගත්තේ නැත්තේ.

මුලින්ම ප්‍රතික්ෂේප කළ ආදරය පස්සේ පිළිගන්න හේතුව ?
කසුන් ආදරය ප්‍රකාශ කරද්දී මම ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. මුලින්ම සර්ගෙ කැමැත්ත ගන්න කියලයි මම කිව්වේ. කසුන් මම කිව්ව විදියට සර්ගෙ අවසරය ගත්තා. මගේ දෙමව්පියන්ගේ ආශීර්වාදයත් අරගෙන විවාහයක් ගැනත් තීරණය කරලම තමයි අපි මේ සම්බන්දෙ පටන් ගත්තෙ.

චේතනාගේ සංගීත ගුරුවරයා චේතනාව තමන්ගේ ලේලිය කරගන්න අකමැති වුණා නම්
කසුන් ගැන මගේ හිතේ පැහැදීමක් තිබුණා. කසුන්ට අකමැත්ත ප්‍රකාශ කරන්න වුණොත් මගෙ හිතෙත් දුකක් ඇතිවෙයි. ඒත් කීර්ති සර් අකමැති වුණා නම් මම කීයටවත් කසුන්ගෙ ආදරය පිළිගන්නේ නෑ. කොච්චර හිතට වේදනාකාරී වුණත් සර්ට තියන ගෞරවයට කරන පරිත්‍යාගයක් විදිහට මගේ ආදරය කැප කරන්න තිබුණා.

ආරියවංශ කුලතිලක