මේ කියන්න යන්න අන්න ඒ වගේ තවත් කතාවක්. ඒ තමයි පසුගිය පළමු වන දින නොසැලකිලිමත් ලෙස රිය පැදවීම නිසා උදාරිව පොලිස් අත්අඩංගුවට අරගෙන.
රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයේ ගුරුගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි අයෙකුව උදාරිගේ වාහනේට හැප්පිලා.
ඒ වෙලාවේ උදාරි වාහනය පදවලා තියෙන්න වේගයෙන්. ඒ නිසා ඇයගේ වාහනය ලයිට් කණුවක හැපී තාප්පයක වැදිලා තමයි අමාරුවෙන් නතර වෙලා තියෙන්නේ.
කොහොම හරි යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයට තුවාලයි. ඒ පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කරලා.
ඒ වෙලාවේ උදාරිටනම් කිසිදු තුවාලයක් සිදුවෙලා නෑ කියලයි අපිටනම් ආරිංචි වුණේ.
ඒ අවස්ථාවේදී හොරණ පොලීසිය විසින් උදාරිව අත්අඩංගුවට අරගෙන එදාම පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසු අවස්ථාවේදී අපිට කිව්වේ.



