අද දවස ඔබට කොහොමද? 2014-12-19
සහජ දක්ෂතා වර්ධනය කරගත හැකි වන දිනයක්. උදරය ආශ්‍රිතව ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. ගේ දොර ඉඩකඩම් යාන වාහන විකිණීම් මිලදී ගැනීම් සඳහා සුබ දවසක්. දවසේ මැදි කාලය තුල තම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් කාලය කැප කරනවා. වියදම් වැඩි දවසක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
වෘෂභ ලග්නය
පවුලේ සමගිය ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන්න. මුදල් ආයෝජනයට එතරම් සුබ නැත. රැකියා කටයුතු වලදී අන් අය සමග සිත් පළුදු වීමට නොදී ඉවසිලිමත්ව කටයුතු කරන්න. ජිවිතයේ නව නැම්මක් ඇති විය හැකි දිනයක්. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.13 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
මිථුන ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. දුර බැහැර ඥාති හිත මිතුරන් ගෙන් උදව් උපකාර ලැබෙනවා. වියදම් වැඩි දවසක්ද වනවා සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. අධ්‍යාපන කටයුතු සඳහා සුබ දිනයක්. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
කටක ලග්නය
අද දවසේ රැකියා කටයුතු තරමක් කාර්යබහුලයි. දවසේ ලැබීම් අතින් ඉතා යහපත්. රුධිරය ආශ්‍රිතව ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. යුගදිවිය සතුටින් ගතකල හැකි දිනයකි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. විවාහ ජීවිතයේ වාසනාව වැඩි කාලයකි. ගෙදරට අලුත් කොටසක් එකතු කරගැනීමට අවධානය යොමු වන දිනයක්. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 06.18 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.
සිංහ ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග යෙදෙනවා. වියදම් වැඩි දවසක්ද වනවා. සෙම් කෝපයෙන් ඇතිවන ලෙඩ රෝග වලින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය වැඩිවන සුබ දවසක්. ලිපි ලේඛන කටයුතු වලින් වාසි අත්වනවා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 08.22 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
කන්‍යා ලග්නය
අධ්‍යාපන ලිපි ලේඛණ කටයුතු වල නිරත අයට විශේෂ වාසි අත්වනවා. කෙටි ගමන් බිමන් බහුලව යෙදෙනවා. වියදම් වැඩි දවසක්. අස්ථි සන්ධි වල අසනීප වලින් ප්‍රවේසම් වන්න. තැන්පත් ධනය වියදම් කිරීමෙන් වාසි අත්වනවා. දවස සාර්ථක කරගැනීම සදහා උදේ 09.36 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
තුලා ලග්නය
මුදල් ආයෝජනයට එතරම් සුබ නැත. රැකියා කටයුතු වලදී අන් අය සමග සිත් පළුදු වීමට නොදී ඉවසිලිමත්ව කටයුතු කරන්න. පවුලේ සමගිය ගැන වෙනදට වඩා සැලකිලිමත් වන්න. තරඟ විභාග වලින් ජය අත්වනවා. සෙම් කෝපයෙන් ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න දවස සාර්ථක කරගැනීම සදහා උදේ 7.13 ට යෙදෙන සුබ මොහොත භාවිතා කරන්න.
වෘශ්චික ලග්නය
සුළු නොසන්සුන් තත්වයක් ඇති වෙයි. මෙතෙක් ප්‍රමාද වූ කටයුත්තක් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ඉටු වෙයි. මුදල් ගනුදෙනු ඉතා පරිස්සමින් කලයුතුයි. මානසික තත්වය යහපත් ව පවත්වා ගැනීම සදහා ආගමික වතාවත් වලට මුල් තැන දෙම්න් දවස ආරම්භ කරන්න. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.08.13 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.
ධනු ලග්නය
ඔබේ බලාපොරොත්තු ඉටුවෙන දිනයක්. දුර ගමන් බිමන් යෙදෙයි. විදේශ ගමන් බිමන් වලින් වාසි අත්වෙන අතර තරමක් කාර්ය බහුල වෙයි. සියලු බලාපොරත්තු මල්පල ගැන්වෙන දිනයකි. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන අතර තරග විභාග වලින් ජය අත්වෙන දිනයක්. දුර බැහැරක සිට ඔබේ හිතවතෙක් හෝ ඥාතියෙක් පැමිණේ. හවස් කාලයේ පවුලේ සාමාජිකයන් අතර සමගිය වර්ධනය වේ.
මකර ලග්නය
අද දවසේ රැකියා කටයුතු තරමක් කාර්යබහුලයි. දවසේ ලැබීම් අතින් ඉතා යහපත්. රුධිරය ආශ්‍රිතව ඇතිවන අසනීප වලින් ප්‍රවේසම් වන්න. අවිවාහක අයට මංගල යෝග උදාකරයි. යුගදිවිය සතුටින් ගතකල හැකි දිනයකි. ආර්ථිකයේ සුවිශේෂී වර්ධනයක් දක්නට ලැබේ. විවාහ ජීවිතයේ වාසනාව වැඩි කාලයකි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 08.46 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.
කුම්භ ලග්නය
අමතර ආදායම් මාර්ග උදාවෙයි. තරුණ තරුණියන්ට මංගල යෝග උදාකරයි. රැකියා උසස්වීම් ලැබෙයි. මිල මුදල් ලාභ අත්වෙයි. යුගදිවිය සාර්ථක ලෙස ගතවෙයි. සුළු නොසන්සුන් තත්වයක් ඇති වෙයි. මෙතෙක් ප්‍රමාද වූ කටයුත්තක් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ඉටු වෙයි. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව. 06.16 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.
මීන ලග්නය
අවිවාහකයන්ට මංගල යෝග උදාවන දිනයකි. මිල මුදල් පාලනයේ දී වඩා පරිස්සම් වෙන්න. අනවශ්‍ය ගමන් බිමන් යෙදෙන දවසකි. සමීපතම අයගෙන් සිත් පීඩා ඇතිවිය හැක. මානසික තත්වය යහපත් ව පවත්වා ගැනීම සදහා ආගමික වතාවත් වලට මුල් තැන දෙම්න් දවස ආරම්භ කරන්න. දවස සාර්ථක කරගැනීම සඳහා පෙ.ව.07.18 ට යෙදෙන සුභ මොහොත භාවිතා කරන්න.