Thursday, November 20, 2014

තරුණ ක්‍රීඩකයන් දක්ෂතා අතරට නොඑන්නේ Facebook නිසාද? ක්‍රීඩා ඇමතිගෙන් හෙළිදරව්වක් !

ආන්දෝලනයට පත් නිමා වූ ඉන්දීය සංචාරයේ ශ්‍රී ලංකා පිලේ පරාජයට තුඩු දුන් කරුණු සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් ඊයේ (19) දිනයේදී ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටින ලදී. 
 
තරුණ ක‍්‍රීඩකයින් දක්ෂතා අතරට නොපැමිණීමට ප‍්‍රධාන හේතු පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යවරයා පළමු වරට මාධ්‍යයට නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහන තුලින් අනාවරණ කොට තිබුනේ මෙලෙසිනි.
 
තරුණ ක්‍රීඩකයෝ තරගවලට ගියාම තරගය ඉවර වෙලා මේගොල්ලෝ රෑ  එළිවෙනකන් ඉන්නේ ෆේස්බුක් වගේ ඒවල . උදේට මැච් ගහන්න බැහැ ෆිට් නැහැ. මේවා කියන්න බැහැ  අපිට මේ තරුණ ක්‍රීඩකයෝ perform වෙන්නේ නැත්තේ ඒකයි . සමහර දේවල් තියනවා අපිට කියන්න බැහැ. මෙහෙම කියන්න බැරි දේවල් තියනවා.
 
අපි පහුගියදා ගත්තා  ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයක්,  මම කිව්වා තේරීම් කමිටුවේ සභාපතිට ඔබතුමා දැඩි තීරණ ගන්න මේවට. මේ තරුණ ක්‍රීඩකයෝ තමන්ගේ තරුණකම කෙළිලොල්කම, ඉස්සර එහෙම නෙමෙයි ජේෂ්ඨ ක්‍රීඩකයින්ගේ කැපකිරීමක්  තිබුනා. ගිහිල්ල වෙලාවට හරියට කනවා නිදාගන්නවා පුහුණුවෙනවා එහෙම .
 
තේරීම් කමිටුවේ සභාපතිතුමා කිව්වා මේ අය  විදේශ සංචාරවලට ගියාම රෑ  2, 3 වෙනකන් හොදම ක්‍රීඩකයෝ ඉන්නේ ෆේස්බුක් එකේ. ඉතින් උදේට ෆිට් නැහැ මේගොල්ලෝ. එහෙම යම් යම් ප්‍රශ්න අපිට තියනවා. ඉතින් අපි මේවට දැඩි නීතිරීති ගෙනල්ලා මේවා හදාගන්න ඕන.