Wednesday, November 19, 2014

කුකුළු මස් සමග ගෙදර එන මාරයා

කුකුළු මස් පරිභෝජනය හේතුවෙන් බ්‍රිතාන්‍යයන් ලක්ෂ 5කට පමණ වාර්ෂිකව වමනය සහ පාචනය වැළ‍ෙඳෙන බව හෙළිව තිබෙනවා. එපමණක් නොව මේ හේතුවෙන් වාර්ෂිකව 100ක් පමණ දෙනෙකු මියයන බවයි එරට සෞඛ්‍ය අංශ අනාවරණය කරන්නේ. මෙය මහජන සෞඛ්‍ය ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
 
වෙළඳ පොළෙන් මිලදී ගන්නා කුකුළන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු මතම දරුණු රෝග බීජ පවතින බවයි පර්යේෂණයෙන් හෙළිව ඇත්තේ. මින් මිදීමට නම් වෙළඳ පොළින් ගෙන එන කුකුළු මස් හොඳින් ශීත කිරීම සහ අනතුරුව හොඳින් අයිස් ඉවත් කර හොඳින් පිසීම කළ යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
  Campylobacter නම් මාරාන්තික රෝග බීජය මේ සඳහා හේතු වනවා. Campylobacter පාලනය කිරීමට අහාර ප්‍රමිති ඒජන්සිය, වෙළඳ සැල් හිමියන් සහ කුකුළු මස් නිෂ්පාදකයින් වහා පියවර ගතයුතු බවයි පාරිභෝගික සංවිධාන සහ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.
 
Chicken www.nethfm.com00004 Chicken www.nethfm.com00001 Chicken www.nethfm.com00002 Chicken www.nethfm.com00003