Monday, September 1, 2014

ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි


ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා කොළඹ ජාතික රෝහලේදී අද දහවල් අභාවප‍්‍රාප්ත වී තිබේ.
කලක් රෝගීව සිටි ඔහු මිය යන විට 73 වන වියේ පසු විය.
1940 සැප්තැම්බර් 11 වන දා බන්දුල විතානගේ ගෝනගලදී උපත ලැබීය.
ඔහු අධ්‍යාපනය ලැබුවේ, අතුරුවැල්ල ප්‍රාථමික විද්‍යාලය, කොළඹ කේරි විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යන පාසල්වලිනි.
1963 වසරේදී ඇරඹුණු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන රැසක සේවය කළ ඔහු 2001 වසරේ ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙකු වශයෙන් පත් විය.