Tuesday, September 2, 2014
ලංකාවේ අවම බස් ගාස්තුව රුපියල් පහක් විතර ඇති - අනූෂා දමයන්ති කියයි
මම
සම්පූර්ණ නම - පුස්සැල්ලගේ අනූෂා දමයන්ති ගුණතිලක
වෙනත් නම් - වෙනත් නම් නෑ
ලග්නය - වෘෂභ
වයස (කැමති නම්) - උපන් දිනය පෙබරවාරි 11
එක වැකියකින් තමන්ව විස්තර කළොත්? - මුළු ලෝකෙටම ආදරේ කරන කෙනෙක්.
දවස
බඩු මිල වැඩිද? - එකිනෙකාට දැනෙන හැටි වෙනස්
සම්බා හාල් කිලෝවක මිල කීයද? - ඇත්තටම දන්නේ නෑ. 110 ක් විතර ඇති.
ලංකාවේ අවම බස් ගාස්තුව දන්නවද? - රුපියල් 5 ක් හෝ 10 ක්
සතියකට දවස් කීයක් සැලොන් යනවද? - එක දවසක්වත් නෑ
අවසාන වතාවට බස් එකේ ගියේ කවදද? - මතක ඇති කාලයකට ගිහින් නෑ
ආදරය
පළමු ප්‍රේමය පටන් ගත්තේ වයස කීයෙදිද? - මම හිතන්නේ අවුරුදු 15-16 ක් විතර
පෙම්වතුන් කී දෙනෙක් ඉඳලා තියෙනවද? - දෙන්නෙක් විතර හිටියා
සත්‍ය ප්‍රේමය රාගයෙන් තොරද? - ප්‍රේමය කියන්නේ හැම දෙයකම සංකලනයක්
Living together සංකල්පයට එකඟද? - අපේ සංස්කෘතියත් සමග ගත්තම එකඟ වෙන්න බෑ.
කලාව, ප්‍රේමය, පවුල වටිනාකමේ අනුපිළිවෙළට නම් කළොත්? - පවුල,ප්‍රේමය, කලාව
විවාහය
ගැහැණු ළමයකුට විවාහයට සුදුසුම වයස මොකක්ද? - 25- 30 අතර
විවාහයට කේන්දර ගැළපෙන්නම ඕනද? - මම හිතන්නේ ඔව්.
විවාහයෙන් කෙළවර නොවුණු ආදරයක් මහ මගදී හමුවුණොත්? - මතකය අලුත් වෙයි. අතීතය සුන්දරයි කියලා හිතෙයි.
ගබ්සාව නීතිගත කිරීම ගැන කාන්තාවක් විදියට ඔබේ මතය මොකක්ද? - මම විරුද්ධයි. නීතිගත කළාම ඒක වැඩිවෙනවා.
ලංකාවේ ලිංගික අධ්‍යාපනය ප්‍රමාණවත්ද? - නෑ.
කලාව
පාලිත සිල්වාද/ මහේන්ද්‍ර පෙරේරාද වැඩිපුර දක්ෂ? - ඒක කියන්න බෑ. දෙන්නා පැතිකඩ 2 ක ඉන්නේ.
චතුරිකා පීරිස්, නයනා කුමාරි දෙදෙනාගෙන් වැඩිපුර දක්ෂ කවුද? - ඒකත් කියන්න අමාරුයි.
ඊරිසියාවක් නැතිව, ඔබට වඩා ලස්සන සමකාලීන නිළියක් නම් කළොත්? - හැම කෙනාම ලස්සනයි.
විවේක් ඔබරෝයිගෙන් මංගල යෝජනාවක් ආවොත්? - එයා විවාහක නිසා මම අකමැති වෙනවා.
සිංහල සිනමාවේ දුටු විශිෂ්ටතම චරිත නිරූපණය මොකක්ද? - පරසතුමල් චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාගේ චරිතය
මයුරි පෙරේරා