Friday, January 23, 2015

විමල්ගේ බිරිය ගැන CID විමර්ශණයක්



මැති ඇමතිවරුන්ගේ මෙන්ම ඇමති බිරින්දෑවරුන්ගේත් හොඳ හොඳ සෙල්ලම් එළියට

හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව මේ වනවිට රහස් පොලීසිය විසින් විමර්ශනයක් අරබා තිබේ. ඒ ඇය විසින් කූට ලේඛන ඉදිරිපත් කර ජාතික හැදුනුම්පතක් සකස් කිරීම සහ එම ව්‍යාජ හැදුනුම්පත යොදාගෙන විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි හේවා පතිරගේ චමින්ද පෙරේරා නැමැති අයෙක් නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා සමග රහස් පොලීසියට පැමිණ ඉකුත් 22 වැනිදා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. 1967 වසරේ ඉපදී ඇති ශෂී වීරවංශ එම උපන් දිනය සදහන් උප්පැන්න සහතිකයට අනුව


ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන පසුව ඉකුත් 2010 වසරේ දී ආගමන විගමන දේපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ලබාදී ඇය උපන් වර්ෂ්‍ය 1971 බව සදහන් ජාතික හැදුනුම්පතක් යොදාගෙන නැවත විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව එම පැමිණිල්ලේ සදහන්ව තිබේ.

මේ අනුව ශීර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 43 වගන්තිය සමග වන 454 හා 453 සමග කියවන 459 වගන්ති හා 1948 අංක 20 දරන ආගමන විගමන පනතේ 45-1 ඈ. ඉ.ඊ. උ වගන්ති යටතේ දඩුවම් ලැබිය යුතු වැරදි කර ඇති බවද චමින්ද පෙරේරා යන අය සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.