හෆින්ටන් පෝස්ට් වෙබ් අඩවිය සඳහා යොමුකළ ලිපියකදී ඇය පවසා ඇත්තේ ලිංගිකව එක්වීම සඳහා විවාහ දින රාත‍්‍රිය වන තුරු ඇ`ගිලි ගනිමින් සිටි යුගයක් පැවති බවයි.
ලිංගිකව එක්වීම සොයාගත්තේ බූමර් පරපුර විසින් නොවුණත් ඔවුන් එහි සියලූ ආකාරයන් පෙරළියකට ලක් කළ බව ඇයගේ අදහසයි.
1969දී පැවති සුප‍්‍රකට වූඞ්ස්ටොක් ප‍්‍රසංගය වන විට එළිමහනේ ලිංගික හැසිරීම සාමාන්‍යයක් බවට පත්වී තිබුණද 1965දී ඇමරිකාව තුළ උපත් පාලන පෙති අනුමත කර තිබීම එම වෙනස සිදුකළ ප‍්‍රධාන සාධකය වූ බව බ්‍රෙනොෆ්ගේ අදහසයි.
ඒ සමග අනවශ්‍ය දරු උපත් සඳහා දැක්වූ බිය නම් ලිංගික සංසර්ගයට තිබුණු බාධාව ඉවත් කර දැමුණු බව ඇය පවසා තිබේ.
1970 දශකය වන විට නිව්යෝක් නගරයේ ප්ලේටෝ අවන්හල තුළදී අනෙක් පිරිසගේ ඇස් ඉදිරිපිට ප‍්‍රදර්ශනකාමීව ලිංගික එක්වීමේ උමතුවක් නිර්මාණයවූ නමුදු එය ඒඞ්ස් වෛරසයේ ආගමනය සමග වියැකී ගිය බව පැවසේ.
ඈන් බ්‍රෙනොෆ් පවසන්නේ ඇමරිකානු සල්ලාල සංස්කෘතිය දෙවන ලෝක යුද්ධයට පසු පරපුරේ සෘජු නිපැයුමක් බවයි.
එහිදී රාත‍්‍රි සමාජශාලාවට ඇතුළු වන පිරිමින් සිය වාහන යතුරු එක් බඳුනකට දමන බවත් පිටත්ව යන විට තම යතුර අතැති කාන්තාව සමග නිවස බලා යාම සිරිතක් වූ බවත් ඇය පවසා තිබේ.

