මහේෂි මධුශංකා
සිය ආදරය උදෙසා අනේක පිඩා විඳි 'චායා' ලෙස ඔබේ ආලින්දයට පැමිණි ඇය රසික
හදවත් සොරා ගත්තේ පුංචි තිරයේ අහිංසක පෙම්වතිය ලෙසයි. ඉන් පසු විකාශය වු නාට්‍ය
කිහිපයකමද ඇය
අහිංසක පෙම්වතිය වුවත් පසුගිය දා සිට විකාශය වන 'අඟුරු සිත්තම්' හී
මෙතෙක් දුටු ඒ අහිංසක පෙම්වතියගෙන් හාත්පසින්ම වෙනස්ම වූ චරිතයක් ඔස්සේ සිය
රංගන කුසලතා විදහා
දක්වන්නටයි මේ සූදානම. හංසනී බණ්ඩාරනායක යන
දේශපාලනඥවරියකගේ
චරිතයට පණ පොවමින්
මෙවර ඔබේ ආලින්දයට එන මහේෂි මධුශංකාගේ
මේ චරිතයේ වග තුග ටිකක් ඇගෙන්ම විමසා බලන්නට
අප සිතුවා.මහේෂි පළමු වතාවට වෙනස් චරිතයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබිලා නේද?
ඒ නිසා මම හිතන්නේ මේ චරිතය ගොඩක් ජනප්‍රිය වගේම සාර්ථක වෙයි.
හංසනීී ඔබට අභියෝගයක් වගේයි?
මෙතෙක් රඟපෑ හැම චරිතයක්ම මට නම් අභියෝගයක් තමයි. හැබැයි මේ චරිතය ඊටත් වඩා අභියෝගාත්මකයි. දේශපාලනය කියන්නේ පුළුල් විෂයක්. ඉතින් එවැනි චරිතයකට සම්බන්ධ වීමේදි ඒ පිළිබඳ දැනුමක් තිබිය යුතුයි.
මෙහෙම එක දිගට රඟපාන්න ගිහින් ප්‍රේක්ෂකයන්ට ඔබව එපා වේවි යැයි සිතෙන්නේ නැද්ද?
එක දිගට රඟ පෑවත් ටෙලිකාස්ට් වෙන විදිහ අනුවයි එය තීරණය වෙන්නේ. නමුත් රංගන ශිල්පිනියක් වශයෙන් මට එවැනි තැනක් ලැබීම මට ලැබුණු ලොකු වාසනාවක්. මුදල් මත හැමදේම තීරණය වන කාලයක සාධාරණ ලෙස රැඳී සිටින්නට හැකි වීම ගැන මම සතුටු වෙනවා.
අහිංසක චරිතවලින් මිදෙන්න එතරම් කැමැත්තක් නැහැ වගෙයි ?
මගේ ස්වරුපය සහ හැසිරීමත් එක්ක නපුරු චරිත ලැබෙන්නේ නැහැ.
නමුත් අපි තිරයේ දකින අහිංසකාවියට වඩා මහේෂි ගේ සැබෑ ස්වරූපය බොහොම වෙනස් කියන්නේ ඇත්තද?
අහිංසක විදිහට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න බැහැ. ඒ නිසයි මහේෂි මධුශංකා විදිහට මෙතෙක් කාලෙකට කිසිම රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක් හෝ වෙනත් ක්ෂේත්‍රයක කෙනෙකු සම්බන්ධ කර මට කිසිම ගොසිප් එකක් හැදිලා නැත්තේ. අහිංසක විදිහට හිටියා නම් ඔය කියන ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ගැහැනු ළමයෙක් ඕනෑවට වඩා අහිංසක වෙන්න නරකයි.
එක්තරා හින්දි නිළියකගේ නමක් නිතර පටබැඳීම නිසා මහේෂි ඒ ගැන ආඩම්බරෙන් ඉන්නවාලු නේද?
මම කැමැති නැහැ කාටවත් මාව සමාන කරනවට. මහේෂි මහේෂිමයි.
ඔබ නිතරම ඔබේ වයස ගැන සඳහන් කරන්නේ ඇයි?
දැන් මගේ වයස 22 වුණාට මේ වයසට මේ වෙද්දි ක්ෂේත්‍රයේ සහ පෞද්ගලික ජිවිතයේ ගොඩ නගා ගත්තු බොහොමයක් දේවල් තියෙනවා. වයසින් පොඩි වුණාට මම හිතන පතන විදිහ බොහොම වෙනස්. නිතරම ඉදිරිය ගැන හිතලා වැඩ කරන කෙනෙක් කිව්වොත් නිවරැදියි.
හැමවෙල්ම මහේෂිගෙන් ආදරය ගැන විමසන්න විශේෂ හේතුවක් තියෙනවාද ?
මගෙත් එක්ක රඟපාපු සහෝදර රංගන ශිල්පින් ශිල්පිනියන් මේ වෙද්දී විවාහ දිවියට ඇතුල් වෙලා ඉන්නේ. ඉතින් දැන් මමයි තව කිහිප දෙනෙකුයි විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඒ නිසා අපි ටික දෙනාගෙන් ඔය ප්‍රශ්නේ නිතරම අහනවා.
හැබෑද මහේෂි සීරියස් ආදරේ කරලාම නැහැ කියන්නේ ?
අපි පොඩි කාලේ, ඒ කියන්නේ අවුරුදු 16-17 දී ආදරේ කරනවනේ. නමුත් ඒ කාලේ ගැන දැන් නම් මට හිතෙන්නේ ඒ ආදරයක් නෙමෙයි ක්‍රෂ් එකක් විතරයි කියලා .
ඒ කියන්නේ දැන් හැබැවටම ආදරවන්තියක් ද?
ජීවිතේ අපි පතාගෙන ආපු කෙනෙක් හැමෝටම ඉන්නවානේ. ඉතින් එහෙම කෙනෙක් ඔන්න දැන් නම් ඉන්නවා. ඉදිරියේදී බලමු ඔහු කවුද කියලා.
මහේෂිගේ ජනප්‍රිය රංගන ශිල්පිනිය වීමේ හීනයට මොකද වුණේ?
සල්ලි දීලා එස්.එම්.එස්. කරන්න පුළුවන් නම්, ලොකු ලොකු කට්ටිය හඳුනනවා නම් ඕනෑ තරම් සම්මාන ගන්න පුළුවන්. පොඩි ළමයෙක් වුණත් කැමැතියි තමන් කරන දේ අගය කරනවට. ඉතින් රංගන ශිල්පිනියක් විදිහට මමත් පෞද්ගලිකවම කැමැතියි මගේ හැකියාවට ඇගයීමක් ලැබෙනවා නම්... ජනප්‍රියම නිළියට වඩා දක්ෂතම නිළිය වෙන්නයි මම කැමතියි. හැබැයි මේ හැම සම්මානයකටම වඩා ලොකුම සම්මානය මේ වෙනකොට මට ලැබිලා ඉවරයි. ඒ ජනතාවගේ ආදරය ලබන රංගන ශිල්පිනියක වීම. නමුත් මගේ ජිවිතයේ ලොකුම බලාපොරොත්තුව සාර්ථක පවුල් ජිවිතයක් ගත කිරීමයි. හැමදේටම වඩා මට එය වටිනවා.



