Tuesday, December 30, 2014

උදාරිගේ ගෙදරට ගෑස් අදින්නේ සුරාජ්ලු - වීඩියෝ සහිතයි


තමන්ගේ ගෙවල් ළඟ ගෑණූ ළමයි ඉන්නවානම් ඒ ගෙවල් පැත්තේ ඉන්න කොල්ලෝ කොහොමත් ඒ ගැන වෙනදට වඩා සැලකිලිමත් වෙනවනේ. මොකද බැරිවෙලා හරි ඔය ගෙදර ඉන්න ගෑණූ ළමයෙක්ට මොකක්හරි කරදරයක් වුනොත්, එහෙමත් නැත්නම් උදව්වක් ඕනි වුනොත් දෙපාරක් නොහිතා තමයි උදව් කරන්න යන්නේ.

ඔය විදියට අපි කාගෙත් හිත දිනාගත්ත දක්ෂ නළු නිළියෝ දෙන්නෙකුත් මේ ළඟදී දවසක ඉඳන් සමීපයට ඇවිත්. ඒ කියන්නේ මේ දෙන්නා දැන් ඉන්න ගෙවල් දෙක තියෙන්නේ පොඩි දුරකින්ලු. මේ විදියට ඉන්නකොට ඉතිං ඔය කියන නිළියට පොඩි ගෑස් ප්‍රශ්නයක් ඇවිත්.

එක පාරක් දෙපාරක් නෙවෙයි ගොඩක් දවස්වල ගෙදර ගෑස් ඉවරවුන ගමන් මෙයා අර නළුවට කතා කරනවලු.

නළුවත් ඉතින් කොල්එක දුන්නු ගමන් කඩේට ගිහින් ගෑස් එකක් ගෙනත් දෙනවලු. මේ ගැන අපිට අහන්න ලැබුණේ පසුගිය සතියේ විකාශය වුනු හිරු ටීවී Copy Chat වැඩසටහනේදී. අපි කීව නිළිය තමයි උදාරී වර්ණකුලසූරිය. එයාගේ ගෙවල් ළඟම ඉන්න නළුවා තමයි සුරාජ් මාපා.  සුරාජ් නම් කියන්නේ උදාරී එයාලගේ ගෙවල් ළඟට ආවේ මේ ළඟදී කියලා.

කොහොම හරි මේ ගෑස් කතාව ගැන හරි අපූරු විදියට වැඩසටහනේදී උදාරි සුරාජ් එක්ක එකතුවෙලා කීවා. ඒ අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න..