ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවැති Stardust සම්මාන රාත‍්‍රිය උත්කර්ශවත් අන්දමින් පසුගිය දිනෙක පැවැත්වුනා. එම රාත්‍රීයට සුපිරි බොලිවුඩ් තරු රැසක් පායා තිබුනා. ඒ ෂාරුක් ඛාන්, අමිතාබ් බච්චන්, දීපිකා පදුකෝන්, මධුරි ඩික්සිත් වැනි සිනමාවේ දැවැන්තයන් සමගින්. ඔවුන් එදින සුන්දර නර්තන අංගයන්ට ද සහභාගි වුණා. මෙහිදී බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුවූයේ සිනමා තාරකාවන්ගේ ඇදුම් විලාසිතාවන් ගැනයි. ඒ අතරින් වැඩිදෙනාගේ අවධානය දිනාගත්තේ බොලිවුඩ් සිනමාවේ නවක නිළියක ලෙස සම්බන්ධ වූ තප්සී පන්නුගේ ඇදුම් විලාසිතාවයි. ඉදිරිපසින් නිරාවරණය වූ සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටි ඇයට පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා කාච වැඩියෙන් යොමුවුනා. දකුණු ඉන්දියානු නිළියක වුවද ඇයව කිසිසේත් එසේ නොපෙනුන බවයි මාධ්‍ය වාර්තා කර සිටියේ.