මේ අවස්ථාවේ කථානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ ජනාධිපතිවරණ නඩු තීන්දුව විපක්ෂය හොරකම්කර ගත්තානම් එය ඔවුන්ගේ ලොකු දක්ෂකමක් බවත්ය. එසේ වුවද මේ ගැන ජොන් අමරතුංග මහතාට ජවිපෙ නායක අනුර කුමාර කෑගසා තිබෙන්නේ ජෝන් අමරතුංග මහතා වැඩේ අවුල් කර බවත් අඩුම වශයෙන් තීන්දුව සභාගත කිරීමට පෙර තමන්ට ඒ ගැන කියන්න තිබුණු බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ සභාගත කළ පිටු 29 යුත් දස පුද්ගල පුර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තිරණයේ මුලික හරය වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මුලික සුවිශේෂී නිතිය බැවින් ඒය අර්ථ නිරූපණය සරත් එන් සිල්වා මහතාගේ තර්කය පදනම් වු අර්ථ නිරූපණ පනතේ වගන්තිය අදාල කර ගත නොහැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණයට අදාල නීතිය සරත් එන් සිල්වා මහතා වරදවා වටහා ගෙන ඇති බවත්ය.
මීට පෙර ජවිපෙ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට කතා කල විට සරත් එන් සිල්වා මහතා තමන්ගේ නීතිය පිළිබඳ වැරදීම වහෙන් ඔරෝ ලෙස පිළිගනීමින් කියා තිබුණේද මහින්දට බෑ කියපු තමන්ගේ තර්කයට පදනම් වු අර්ථ නිරූපණ පනතේ වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපනයට අදාල කරගත නොහැකි බවට චින්තක මෙන්ඩිස් මහතා ගෙන ආ නීති තර්කය නිසා තමන්ගේ මතය ගැන පොඩි ප්‍රශ්නයක් තිබෙන නමුත් තමන්ගේ පැත්තට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 09 දෙනකුගේ පරණ නඩු තීන්දුවක් තිබෙන බවත්ය. පසුව චින්තක මෙන්ඩිස් මහතා කරුණු සහිතව ඔප්පුකර තිබුණේ ඒ නඩු තීන්දුව මෙහිදී අදාල කරගත නොහැකි බවත් සරත් එන් සිල්වා මහතා නීතිය වරදවා වටහාගෙන තිබෙන බවත්ය.


