පන්දුවක්
හිසේ වැදීමෙන් අනතුරට ලක්ව කෝමා තත්ත්වයේ සිටි ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක
පිලිප් හියුස් මිය යාම මේවනවිට ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ලෝලීන්
කම්පාවට පත්කරවන සිදුවීමක් බවට පත්ව තිබේ. පිලිප්
හියුස් දකුණු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින්
සිටියදී ප‍්‍රතිවාදී කණ්ඩායමේ සීන් අබෝට් විසින් එවන ලද බවුන්සර් පන්දුවක්
ඔහුගේ හිසේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මේවනවිට ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කී‍්‍රඩක පිල් හියුස්ට මාරක පන්දුව එවූ සාන් ඇබට් දැඩි කම්පනයට හා ශෝකයට පත්ව සිටින බවකි. පිලිප් අනතුරට පත්වූ මොහාතේ පටන් ඇබට් සිය මිතුරාගේ තත්වය බැලීම සඳහා නිරන්තරයෙන් රෝහලට ගොස් තිබේ.තම හිත මිතුරු කණ්ඩායමේ සිය සගයාගේ ජීවිතය තමන් එවූ පන්දුවකින්ම කෙළවර වීම සාන් ඇබට් හට දරාගත නොහැකි වී තිබේ. මේ අනුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් විසින් ඇබට්ව එය ඔහුගේ වරදක් නොවන බව පෙන්වා දෙමින් ඔහුව සැනසීමට කටයුතුකොට තිබේ.

