
සංවිධානයේ මහ ලේකම් ගලගාෙඩඅත්තේ ඥාණසාර හිමියන් මාධ්‍ය හමුවේදී පවසා සිටියේ මේ වන විට රටේ හොඳ ආරක්ෂාවක් පවතින බවත්, තම සහය රට බේරාගත් නායකත්වය වෙත ලැබෙනා බවත්ය. රාජ්‍ය නොවන සංවිධාන ඒකරාශී කරගනිමින් සිටිනා පාර්ශවය තම සහය හිමි නොවන බවයි උන්වහන්සේ පවසා සිටියේ.
බොදු බල සේනාවේ සහය මහින්ද රාජපක්ෂ මහතාටද මෛත්‍රීපාල සිරියේන මහතාටදැයි මාධ්‍යවේදීන් විමසා සිටියද ඊට සෘජු පිළිතුරක් ලැබුණේ නැහැ.

