Wednesday, September 3, 2014

ලොව වේගවත්ම මිනිසා යුවරාජ්ට පරදියි

කෙටි දුර ධාවන ඉසව්වකදී ලෝකයේ වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් පරාජය කිරීමට ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක යුවරාජ් සිං සමත්වී තිබෙනවා. යුවරාජ් සිං මෙම ජයග‍්‍රහණය ලබාගත්තේ ඉන්දියාවේ චින්න ස්වාමි ක‍්‍රීඩාංගණයේ පැවති ප‍්‍රදර්ශන තරගයකදියි.

අතරමගදී උසේන් බෝල්ට් තරගය අතහැර දැමු  බවද යුවරාජ් සිං ජයග‍්‍රාහණය ලබා ගත්තේ ඒ අනුව බවද එන්.ඞී.ටී.වී රූපවාහිනිය පවසනවා. එමතරගයේදී යුරාජ් සිං ධාවනයේ යෙදෙන අතර තුර උසේන් බෝල්ට බාධා එල්ල කළා.

උසේන් බෝල්ට් විසින් මෙහෙයවන  ලද කණ්ඩායමක් සහ යුවරාජ් සිං විිසින් මෙහෙයවන ලද කණ්ඩායමක් අතර ප‍්‍රදර්ශන ක‍්‍රිකට් තරගයක් ද මෙහිදී පැවැත්වුණා.

එක් කණ්ඩායමකට 07 දෙනා බැගින් වු මෙම තරගය කණ්ඩායමකට පන්දුවාර 04කට සීමා වු එකක්. පළමුවෙන් පන්දුවට පහරදුන් යුවරාජ්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 04 දී ලකුණු 58ක් ලබා ගත්තා.

ඉනිමේ අවසන් පන්දුවේදී එම ලකුණු සංඛ්‍යාව අභිඹවා යමින් ජයග‍්‍රාහණය ලබා ගත්තේ උසේන් බෝල්ට්ගේ කණ්ඩායමයි.

එහිදී උසේන් බෝල්ට් 06 පහර 05ක් සමග පන්දු 19කදී ලකුණු 45ක් ලබා ගැනීම කැපී පෙනෙන කරුණක් වුණා. ඒවායින් 06 පහර 03ක් ද ඔහු විසින් එල්ල කරන ලද්දේ යුවරාජ් සිංගේ පන්දු හමුවේයි. උසේන් බෝල්ට්ගේ පළමු ඉන්දිය සංචාරය ද මෙය වනවා.

Bolt www.nethfm.com 02Bolt www.nethfm.com 14Bolt www.nethfm.com 12Bolt www.nethfm.com 01  Bolt www.nethfm.com 03 Bolt www.nethfm.com 04 Bolt www.nethfm.com 05 Bolt www.nethfm.com 06  Bolt www.nethfm.com 08 Bolt www.nethfm.com 09 Bolt www.nethfm.com 10   Bolt www.nethfm.com 13  Bolt www.nethfm.com 15