මීට
සතියකට දෙකකට පමණ පෙර අන්තර්ජාලය පරිහරණය කරන සියලුම දෙනා දුටු දෙයක් තමයි
ALS Ice Bucket challenge. එය විදේශීය රටවල ජනප්‍රිය පුද්ගලයන් විසින්
සිදු කරනු ලැබුවා. එම අභියෝගය මගින් ALS අරමුදල පසුගිය ජුලි මස 29 වැනි දින
සිට අගෝස්තු මස 27 වන දින දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 94.3ක මුදලක් එකතු
කර ගැනීමට සමත්ව තිබෙනවා. එසේම මෙම අයිස් බකට් චැලෙන්ජ් එකට ශ්‍රී ලාංකීය
කලා කරුවන්, දේශපාලනඥයින් ආදී විවිධ පිරිස් සහභාගි වුණා.
එහෙත් අපි මේ කියන්න යන්නේ අයිස් බකට් චැලෙන්ජ් එක ගැන නෙවෙයි.
අපේ රටට ගැලපෙන ආකාරයේ උපකාරාත්මක ක්‍රියාවක් සිදු කිරීමට මුහුණු පොතේ
පිරිසක් උත්සාහ ගනිමින් සිටිනවා. ඔවුන් මෙය හඳුන්වා දෙන්නේ
#SLAmumirischallenge ලෙසයි. මෙහිදී අභියෝගය වන්නේ අභියෝගය භාරගනු ලබන
තැනැත්තා විසින් අමු මිරිස් කරල් තුනක් කා දැමිය යුතු වීමයි.
මෙම අමු මිරිස් චැලෙන්ජ් එක මගින් ඔවුන් බලාපොරොත්තු වනුයේ වකුගඩු රෝගීන්
වෙනුවෙන් අරමුදල් එකතු කිරීමක් සිදු කිරීමයි. මෙම අමු මිරිස් අභියෝගය
සංවිධානය කරන රසික නානායක්කාර තම අදහස සම්බන්ධයෙන් ඔහුගේ වචනයෙන් දක්වා
තිබුණේ පහත ආකාරයෙන්.
රජරට වකුගඩු රෝගීන් මේ වෙනකොට 20,000ක්
ඉන්නවා. ඒ අතර ඉන්න අයගෙන් හැමදාම දෙදෙනෙක් මිය යනවා කියලයි කියන්නේ. මේකට
හේතුව වෙන්නේ බැර ලෝහ දීර්ඝ කාලීනව ශරීර ගත වීම කියලයි ඒ ගැන පරීක්ෂණ කරන
විශේෂඥයෝ කියන්නේ.... මේ රෝගයට වැඩි හරියක් ගොදුරු උනේ රටට බත සපයපු ගොවියෝ
බව අපි කාටවත් රහසක් නෙමේ...අපි හැමෝම ඒ අය වවපු ගොයමෙන් ගත්තු වී වලින්
ජීවිතේ එක දවසක් හරි බත් කාල ඇති.
මේ අපේම රටේ මිනිස්සු වෙනුවෙන් අපිත් අපිට
හැකි දෙයක් කරන්න ඕනේ කියන අදහස ගොඩ දෙනෙක්ගේ හිත් තුළ තියෙනවා කියන එක අපි
දන්නවා... #ALSIceBucketChallenge එක ජනප්‍රියව තියෙන මේ වෙලාවේ අපි
හිතුවා නාලා නෙමේ කාලා challenge කරන්න... අපේම මිනිස්සු වෙනුවෙන්.
#SLAmuMirisChallenge එක අපි කරන්නේ රජරට වකුගඩු රෝගයෙන් පීඩා විඳින
අපේම මිනිස්සු වෙනුවෙන්... එයාලට සරණක් වෙන්න...
චැලේන්ජ් එක යන විදිය සරළයි... චැලේන්ජ් එක
අමු මිරිස් කරල් තුනක් මිනිත්තු දෙකකදී කාලා ඉවර කරන එක... ඔබට පුළුවං ඔබ
දන්න හඳුනන 5 දෙනෙක්ට චැලේන්ජ් කරන්න. ඔවුන් චැලේන්ජ් එක භාරගත්තොත් මේ
වැඩසටහන සඳහා වෙන අරමුදලට රුපියල් 100/= කින් දායක වෙන්න ඕනේ... චැලේන්ජ්
එක භාර නොගත්තොත් වකුගඩු රෝගී අරමුදලට රුපියල් 1000/=ක් පරිත්‍යාග කරන්න
ඕනේ... මේ ආකාරයට ඔබ දන්න කියන අයට "අමුමිරිස් චැලේන්ජ්" කරමින් අරමුදල
තරකිරීමට ඔබේ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා...
ඒ වගේම මේ එකතු වෙන මුදල් ඉතාම පැහැදිලි සහ
විනිවිද පෙනෙන ආකාරයට රජරට වකුගඩු රෝගීන් සඳහා ලබාදීමේ වැඩපිළිවෙලකුත් අපි
විසින් මේ වනවිටත් සිදුකරගෙන යනවා... අරමුදල තැන්පත් කළයුතු බැංකු ගිණුම්
අංකය සහ ඒ සම්බන්ධ වැඩි විස්තර ඉඳිරියේදී ඔබවෙත ලබාදීමටත් අපි බලාපොරොත්තු
වෙනවා...
අමු මිරිස් අභියෝගයට මේ වන විට මුහුණදී ඇති කිහිප දෙනෙක්ගේ වීඩියෝ පහතින් දැක්වේ.
රසික නානායක්කාර එම අභියෝගය හඳුන්වා දෙමින් අමු මිරිස් කෑ ආකාරය
එම අභියෝගයට මුහුණ දුන් සයිප්‍රසයේ වෙසෙන දිනිති දීපිකා...
ඩුබායිහි සේවයේ නියුක්ත වන ලක්ෂ්මන් නයනකාන්ත අභියෝගයට මුහුණදුන් ආකාරය අභියෝගයට මුහුණදුන් නුවන් දිවාකර
මේ එවැනි තවත් කිහිප දෙනෙක්....