ස්වභාවිකවම ලා රතු පැහැයට හුරු දෙතොලක් හා කාල වර්ණ කේෂ කලාපයක් ශී‍්‍ර ලාංකික කාන්තාවන්ට උරුමව තිබේ. යුරෝපීය කතුන් තඹ හෝ සුදු පැහැති කේෂ කලාපයකට හිමිකම් කියන අතර ඔවුන්ගේ දෙතොල් ලා පැහැතිය. නියපොතු යට සුදු මැලිය මේ නිසා යුරෝපීය කාන්තාවෝ තම කොණ්ඩය පාට කළු කිරීමටත් තොල් හා නිය රතු කිරීමටත් වෙහෙසෙති. ඒ සියල්ල ස්වභාවිකව උරුමකැර ගත් අපේ කාන්තාවෝ ද තොල් පාට කරති. නියපොතු වර්ණ ගන්වති. ඔවුන් මේ සියල්ල සිදුකරන්නේ තම තරුණ බව පෙනුමෙන් රැක ගැනීමේත් වෙනත් අයගේ ආකර්ශනය දිනා ගැනීමේත් අපේක්ෂාවෙනි.
මේ සදහා රූපලාවන්‍ය ශිල්පී ශිල්පිනියන් සිටින අතර ඊට අමතරව ශරීර අලංකාර කිෙරීමේ කටයුතු සදහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරුද එක්ව සිටිති.
රුව සැකසීමේ දී බාහිරින් සිදුකරන ප‍්‍රතිකර්ම මෙන්ම සිරුරේ අභ්‍යන්තරයේ සිදුකරන ප‍්‍රතිකර්ම වශයෙන් කොටස් දෙකකි. මේ දෙකම ඇතැම් අවස්ථා වලදී ශල්‍යකර්ම දක්වා ම දිවෙන තත්ත්වයකි. මේ ක්ෂේත‍්‍රයේ නියැලී සිටින වෛද්‍යවරුන් පවා ස`දහන් කරන්නේ රුව රැකගැනීම සදහා සිදුකරන ප‍්‍රතිකාර ඉතා ඉවසිල්ලෙන් හා පරිස්සමෙන් කළ යුතු ඒවා බවයි.
සාමාන්‍යයෙන් රෝගියකුට වෛද්‍යවරයකු කරනු ලබන ප‍්‍රතිකාරයත් මේ ශල්‍යකර්මත් අතර විශාල වෙනසක් ඇත. සාමාන්‍ය රෝගියකුට වෛද්‍යවරයකු ශල්‍යකර්මයක් සිදුකරන්නේ හෝ ප‍්‍රතිකාර කරන්නේ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරුන් විසින් ගනුලබන තීරණයක් අනුවය. ඇතැම් අවස්ථාවලදී එවැනි ශල්‍යකර්මයක් සිදුවන බවට රෝගියා දන්නේ ද නැත.
මේ ප‍්‍රතිකාර ශල්‍යකර්ම හා ශල්‍යකර්ම නොවන ප‍්‍රතිකාර යන දෙඅංශයටම අයත් වේ. වෛද්‍යවරුන් පවසන්නේ කවර ආකාරයේ ප‍්‍රතිකාරයක් වුව ද ඉතා පරෙස්සමෙන් සිදුකළ යුතු බවයි. මෙහිදී තමන්ට අවශ්‍ය පරිදි මුහුණේ හැඩය, ශරීරයේ හැඩය හා වර්ණය ද සිරුරේ ඇති ලප කැලල්, වෙනත් විකෘති වීම්, රෝම ඉවත් කිරීම් ආදී සියල්ල කැර ගැනීමට හැකිවේ.
රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ දී වඩාත් ජනපි‍්‍රය ප්ලාස්ටික් සැත්කමයි. ලොව මුල්ම ප්ලාස්ටික් සැත්කම සිදුකැර ඇත්තේ රූපය ආරක්ෂා කිරීමට වුව ද ඒ යුද්ධයේ දී තුවාල ලැබූ වෝල්ටර් සියෝ නමැති නාවිකයකුටය.
ඒ 1917 දී ය.
නූතන ප්ලාස්ටික් සැත්කමේ පියා ලෙස හදුන්වන්නේ නවසීලන්ත වෛද්‍යවරයකු වූ ලන්ඩනයේ සේවය කළ ශී‍්‍රමත් හැරල්ඞ් ජිලීස්ය. පළමු ලෝක යුද්ධයේ දී තුවාල ලබා විරූපී වී ගිය සොල්දාදුවන්ගේ මුහුණේ විරූපී බව නැතිකිරීමට ඔහු සැත්කම් ක‍්‍රම සංවර්ධනය කළේය.
ලෝකයේ කාන්තාවන් අතර ඉතාමත් බහුල හා වඩාත් ප‍්‍රචලිත රූපලාවන්‍ය ක‍්‍රමයක් වන්නේ ඇහිපිය සකස් කිරීමයි.
එහි දී ඇස් වටා ඇති රැළි ඉවත්කර ඇසි පිය යම් තරමක් ඉහළට කර සාදයි. ඇතැම් විට ඇසිපියෙහි ඇති රෝම මුළුමනින්ම ඉවත්කර කෘතිම ඇහි පිහාටු ඇදීම සිදුකරයි. ඇහේ සම වටා ඇති මේදය ඉවත් කර ඇසේ ඇති තද බව නැති කැර දැමීමේ හැකියාව ද ඇත. මෙය සිදුකරන්නේ එන්නත් භාවිත කරමිනි. ඒ සදහා දින ගණන් රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බව රූපලාවන්‍ය ශිල්පීහු කියති.
සැත්කමට දින කිහිපයක් රෝහල් ගත වී සිටීමට අවශ්‍ය වන්නේ නැත. එන්නත් භාවිත කරමින්ද මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය සිදු කරයි.
තවත් බහුලව සිදුකරන රූපලාවන්‍ය ක‍්‍රමයක් වන්නේ මුහුණේ ඇති විකෘතිතා ඉවත් කිරීමයි. මෙය ඉතා සංකීර්ණ කි‍්‍රයාදාමයකි. දත්වල විකෘතිතා සැකසීම, හනුවල වෙනස්වීම් යළි සැකසීම, ඇතැම් පුද්ගලයන්ගේ මුහුණේ අස්ථි ඇතුළට ගිලී ගොස් ඇත්නම් ඒවා සැකසීම, හිස් කබලේ හැඩය නිසි පරිදි සැකසීම වැනි සංකීර්ණ ශල්‍යකර්ම ද මේ සදහා යොදා ගනී. ඒවා පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලයකගේ මෙහෙයවීමෙන් ශල්‍යාගාරයක දී නිර්වින්දනය කර සිදුකරන ශල්‍යකර්ම වේ. මෙවැනි ශල්‍යකර්මවලදී අස්ථි බද්ධ කිරීම ද සිදුකරයි. වෛද්‍යවරුන් පවසන්නේ මෙවැනි සැත්කම් වැඩිපුරම සිදුකරන්නේ නාසය අවට ප‍්‍රදේශයේ බවයි.
විදෙස් කාන්තාවන් අතර වඩාත් ජනපි‍්‍රය සැත්කමක් වන්නේ පියයුරු ආශි‍්‍රත සැත්කම්ය. පියයුරු විශාල කිරීම, කුඩා කිරීම හා එල්ලා වැටීම වැළැක්වීම සදහා මේ සැත්කම් සිදුකරයි. පියයුරු විශාල කිරීමේ දී පියයුරුවලට පහළින් පැල්මක් යොදා එතුළින් සිලිකන්වලින් නිර්මාණය කරන ලද උපකරණයක් පියයුරු මාංශපේෂිවලට යටින් තැන්පත් කිරීමෙන් ඒවා වඩාත් විශාල කරයි.
පියයුරුවල ඇති මේදය, වඩාත් විශාල වූ මාංශ පේෂි හා සමේ කොටස් ඉතා පරෙස්සමෙන් ඉවත්කිරීම මගින් පියයුරු කුඩා කිරීම වෛද්‍යවරු සිදුකරති. මේ අනවශ්‍ය කොටස් ඉවත්කිරීමෙන් පසු පියයුරුවල අලංකාරය වැඩිවන ආකාරයට හැඩයට සැකසීම සිදුවේ. මෙය ශල්‍යාගාරයක නිර්වින්දනය කැර සිදුකළ යුතු සැත්කම් වන අතර ඒවා මිල අධික සැත්කම් ද වේ.
මෙහිදී සැත්කම් සිදුකළ කැළල දිගටම පවතින නමුත් එය පියයුරුවලට යටින් පිහිටන බැවින් එළියට පෙනෙන්නේ නැත. වෛද්‍යවරුන් පවසන්නේ මේ සදහා වයස්ගත කාන්තාවන් ද විශාල වශයෙන් පැමිණෙතත් වයස්ගත වූ විට එවැනි සැත්කමකින් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීම අපහසු බවයි. එමෙන් ම වයස්ගත වී සැත්කම කළහොත් අතුරු ආබාධ ඇතිවීමට තිබෙන ඉඩකඩ ද වැඩි බව ඔවුහු පෙන්වා දෙති.
මෙමගින් පියයුරුවලට වඩාත් තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකිවේ. මේ සැත්කම් සදහා අවශ්‍ය වුවහොත් සිලිකන්වලින් නිපද වූ උපකරණ ද භාවිත කරයි.
නිරූපිකාවෝ විශේෂයෙන් ම තමන්ගේ පිසුපස තට්ටම් ප‍්‍රදේශය ද විශාල කැර ගැනීමේ සැත්කම් කරවා ගනිති. මෙහිදී සිදුවන්නේ මේදයට අමතරව තට්ටම් ප‍්‍රදේශයේ සිලිකන් තැන්පත් කිරීමයි. එමගින් වඩාත් පිටුපසට නෙරා ආ තට්ටම් සාදා ගැනීමේ හැකියාව පවතී. ඇතැම් අය තට්ටම්වල පිරී ඇති මේදය ඉවත්කරගෙන තට්ටම් සදහා සුදුසු හැඩයක් ලබා ගැනීම ද සිදුකරයි.
මුහුණේ කැළල් ඉවත්කර මුහුණ යළි සැකසීම ද බහුලව දක්නට ලැබෙන රූපලාවන්‍ය ක‍්‍රමයකි. මුහුණේ ඇති කැළල් හා ලප ඉවත්කිරීමට අමතරව ඇතැම් අවස්ථාවල දී සිරුරේ වෙනත් ස්ථානයකින් සම ගෙන බද්ධ කිරීම ද සිදුකරයි.
රැළි ඉවත්කිරීම බහුලව සිදුකරන්නේ කම්මුල් හා ගෙල අවට ප‍්‍රදේශයේ ය. ඒ අවට රැළි සහිත පේෂි ඉවත්කැර පහළට ඇදීම මගින් මෙය සිදුකරයි. රෝහල්ගත වී නිර්වින්දන තත්ත්වයෙන් සිදුකළ යුතු සැත්කමකි.
කැළල් ඉවත්කිරීමේ සැත්කම් කළ ද සැබැවින් ම එහිදී සිදුකරන්නේ තිබූ කැළල මතුපිටින් තවත් කැළලක් ඇති කිරීමයි. මෙවැනි කාර්යයක දී වැරදීමක් වුවහොත් කැළල මගින් මුහුණ හෝ ශරීරය මුළු මනින්ම විරූපී වීමට වැඩි ඉඩකඩක් ඇත. මෙහිදී කැළල් වැසෙන පරිදි සම බද්ධ කිරීම හෝ වළ ගැසුණු කැළැල් ඉවත් කිරීමේ දී එන්නත් භාවිත කිරීම සිදුවේ.
කෙනෙකුගේ නිකටේ ස්වභාවය ඔවුන්ගේ පෞරුෂයට සෘජුවම බලපායි. මේ නිසා විදෙස් කාන්තාවෝ තම නිකට ගැන විශේෂයෙන් සැළකිල්ලක් දක්වති. නිකටේ හැඩය වෙනස් කිරීම සදහා අනවශ්‍ය මේදය ඉවත් කිරීම් හා එන්නත් ලබා දීම ද සිදුකරයි.
සිරුරේ ඇති අනවශ්‍ය මේදය ඉවත්කරමින් උදරය නිසි පරිදි සකසා ගැනීම තට්ටම් නිසි පරිදි සකසා ගැනීම බහුලව සිදුවන්නකි. මේ ක‍්‍රමයේ දී සිදුකරන්නේ සිරුරේ එක්තුවී ඇති මේදය බටයක් යොදාගෙන ඉවත්කිරීමයි. චූසන උපකරණයක් යොදාගෙන වැඩිපුර ඇති මේදය ඇද දමයි. උදරය, තට්ටම්, උකුල, කළව, අත්, මුහුණ හා පපුව ආශි‍්‍රතව මෙලෙස මේදය ඉවත්කිරීම සිදුවේ.
ඇස්වල වර්ණය ශී‍්‍ර ලාංකිකයන්ගේ කළු හෝ තද දුඹුරු පැහැතිය. විදේශිකයන්ගේ ඇස් වල පැහැය ලා දුඹුරු, නිල්, කොළ ආදී විවිධ පැහැ ගනී. මේ ඇස්වල පැහැයෙන් මුහුණට වෙනස් පෙනුමක් ලබාගත හැකි බැවින් බොහෝ කාන්තාවෝ විවිධ වර්ණයේ කාච පළදිමින් ඇස්වල වර්ණය වෙනස්කැර ගනිති. කාච ලබා ගැනීමෙන් පසු එය තමන් විසින්ම පැළදීමේ හැකියාව ඇති බැවින් එය සංකීර්ණ කි‍්‍රයාදාමයක් නොවේ.
කාන්තාවෝ තම කොණ්ඩය ද විවිධ ආකාරයෙන් සකසා ගනිති. මෙය ඉතා සරළ හා ඕනෑම අයකුට කළ හැකි රූපලාවන්‍ය ක‍්‍රමයකි. ඊට අමතරව සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම ද තමන්ට වුව ද සිදුකළ හැකි රූපලාවන්‍ය කාර්යයකි.
නියපොතු සැකසීම, කොණ්ඩය, තොල් හා නිය පාට කිරීම ද රූපලාවන්‍ය කටයුතු වුව ද ඒ සදහා වෛද්‍යවරුන්ගේ සහය අවශ්‍ය නැත. තමන්ටම කැරගත හැකි රූපලාවන්‍ය කටයුතුය.
නිර්වින්දනය කර සිදුකරන සැත්කමක් කොතරම් අවදානම් වුව ද කාන්තාවෝ පමණක් නොව රුව ගැන සැළකිලිමත්වන පිරිමි ද කී‍්‍රඩකයෝ ද තම සිරුරේ හැඩය සකසා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කරති.
දැන් දැන් යුරෝපයේ මෙන් ම ආසියාවේ ද තරුණ වීමේ සැත්කම් වඩාත් ජනපි‍්‍රය වෙමින් පවතී. චීනය, ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවල් බොහොමයක මේ වෙළදපොළ නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම පියයුරු වර්ධන සැත්කම් මේ අතර ප‍්‍රධාන වේ. තායිලන්තයේ දී තම පියයුරු සාදා ගැනීමට ඕස්ටේ‍්‍රලියාවේ හා යුරෝපයේ කාන්තාවෝ එහි පැමිණෙති.
ඔබ යම් හෙයකින් අන්තර්ජාලයේ “butt enhancement” යැයි සටහන් කර සොයා බැලූවහොත් ඔබට විවිධ වූ ක‍්‍රමවේදයන් සොයා ගැනීමට හැකි වනු ඇත. ඔබ එවැනි ප‍්‍රතිකාරයක් කරගැනීමට අපේක්ෂාකරනවා නම් ඒ ගැන වඩාත් විමසිලිමත් විය යුතුය. මේ ප‍්‍රතිකාරය යම් ආකාරයකින් වැරදී ගියහොත් සිදුවන්නේ ලස්සනවීම වෙනුවට විරූපී කැත පුද්ගලකු බවට පත්වීමයි.
කාන්තාවකට තම තට්ටම් ප‍්‍රදේශය විශාල හා වටකුරු කර ගැනීමට අනිවාර්යයෙන් ම ව්‍යායාම වල යෙදිය යුතුය. එය නොමිලේම සිදු කරගත හැකිවේ. එහි කිසිදු අනාරක්ෂිත බවක් හෝ අන්තරායකාරී බවක් නැත. තට්ටම් පෙදෙස විශාල කර ගැනීමට එහි පේෂි සඳහා ව්‍යායාම කිහිපයක්ම පවතී. මේ ව්‍යායාම මගින් විශාල වීම පමණක් සිදු නොවේ. එමගින් තරබාරුව අඩුකැර ගැනීම, එල්ල වැටීම වළක්වා ගැනීම හා සිරුරට නිසි හැඩයක් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.
මෙහි දී වෛද්‍යවරයා විසින් සැත්කමට ලක්වන පුද්ගලයාගේ ශරීරයේ වෙනත් ස්ථානවල තිබෙන අමතර මේදය ඉවත් කර එම මේදය තට්ටම් ප‍්‍රදේශයට ඇතුළත් කර හැඩය සකසයි. බොහෝ කාන්තාවන් මේ ක‍්‍රමයට කැමැත්තක් දැක්වන්නේ වැඩිපුර මේදය ඇති තැනින් මේදය ඉවත්කිරීම හේතුවෙන් සිහින් බව ලැබී තමන්ට අවශ්‍ය පරිදි වෙනත් තැනක් විශාල කැර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි.
මේ සිලිකන් උපකරණ ඝන තත්ත්වයට ආසන්න ද්‍රව්‍යයකින් රබර් ගුණයට සමාන ලෙස සකස් කරන ලද්දකිය. එය කැඞී යාමක් හෝ කාන්දුවීමක් සිදුවන්නේ නැත. මේවා බද්ධ කරනු ලබන්නේ කොදු ඇට පෙළේ පහළම කෙළවර ආසන්නයේ මාංශ පේෂි අතරට හෝ ඊට යටිනි. මේ නිසා උපකරණයක් බද්ධ කර ඇති බව පිටතට පෙනෙන්නේ නැත. වෛද්‍යවරුන් පවසන්නේ තට්ටම් විශාලකැර ගැනීමට සිලිකන් උපකරණ යොදා ගැනීම දීර්ඝකාලීන ආයෝජනයක් බවයි.