
1973 වසරේ තිරගත වූ "දැන් මතකද" චිත්‍රපටයේ ගීතයක් වන "හිස් ටින් එකක්" ගායනා කරනු ලබන්නේ අල්හාජ් මොහිදින් බෙග්, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා විසිනි. සිරිල් ඒ. සීලවිමල විසින් රචනා කල ගීතය සංගීතවත් කොට ඇත්තේ පී.එල්.ඒ. සෝමපාල විසිනි.
මෙම චිත්‍රපටයේ වත්මන් හිමිකම ඇත්තේ තිස්ස නාගොඩවිතාන හට වන අතර ඔහු විසින් එම චිත්‍රපටයේ "හිස් ටින් එකක්" ගීතය දෙරණ ආයතනයට පවරා දී ඇතැයි වාර්තා වේ.
එයට හේතු වී ඇත්තේ ඩ්‍රීම් ස්ටාර් ධනුෂ්ක මගින් එම ගීතය වර්තමානයේ ජනප්‍රියත්වයට පත්වීමයි. තිස්ස නාගොඩ විතාන මහතා එසේ පරිත්‍යාග සිදුකරද්දී එම්.එස් ප්‍රනාන්දුගේ ගීතවල හිමිකාරිත්වය ඇති පිරිස් ධනුෂ්ක වෙත දන්වා ඇත්තේ එම්.එස් ගේ ගීත තවදුරටත් ගායනා කිරීමෙන් වලකින ලෙසය.
හිස් ටින් එකක් මුල් ගීතය.
ධනුෂ්ක ගායනා කරන "හිස් ටින් එකක්" ගීතය.